මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමේ වැඩමුළුව අද

    අගෝස්තු 25, 2020

    නවවැනි පාර්ලිමේන්තුවට තේරීපත්වූ මන්ත්‍රීවරයන් සඳහා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුව අගෝස්තු 25 අද සහ හෙට 26 යන දෙදින තුළදී පෙරවරු 9.00 සිට පස්වරු
    6.00 දක්වා පාර්ලිමේන්තුවේ කාරකසභා කාමර 01 හිදී  පැවැත්වීමට පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සියළු කටයුතු සැලසුම් කොට තිබේ.


    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් උදෙසා පාර්ලිමේන්තු‍වේ කටයුතු පිළිබඳ මූලික අවබෝධයක් ලබාදීම වෙනුවෙන් සංවිධානය කොට ඇති මෙම වැඩමුළුව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වන අතර කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු ද ඊට සහභාගී වීමට නියමිත ය.

    මෙම වැඩමුළුව සඳහා සහභාගීවන ලෙස පාර්ලිමේන්තුවේ සියළු මන්ත්‍රීවරයන්ට ආරාධනා කරන බවද පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya