මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔන්ලයින් අයදුම්පත පුරවා ලබන 15 වැනිදාට පෙර තොරතුරු ලබා දෙන ලෙස පාර්ලිමේන්තුවෙන් මන්ත්‍රීවරුන්ට දැනුම්දීමක්

    අගෝස්තු 11, 2020

    අගෝස්තු 20 වැනි දින ආරම්භ කිරීමට නියමිත නවවැනි පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති මන්ත්‍රීවරයන්ගේ තොරතුරු ඔන්ලයින් ක්‍රමයට ලබා ගැනීමේ ක්‍රමවේදයක් (Online Registration System) පාර්ලිමේන්තුවේ මහ ලේකම් කාර්යාලය මගින් හඳුන්වා දී තිබේ.


    ඒ අනුව සියළු මන්ත්‍රීවරයන්ට සිය තොරතුරු ලබා දීම සඳහා පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස ඔන්ලයින් අයදුම් පත්‍රය සම්පූර්ණ කළ හැකි බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා දන්වා සිටියි. එම අයදුම්පත පිරවීමේ කටයුතු එළඹෙන 15 වැනිදාට පෙර සිදු කළ යුතු බවද ඒ මහතා තවදුරටත් නිවේදනය කර සිටි.


    කෝවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව තුළ මේ වන විට ක්‍රියාත්මකව පවතින තොරතුරු තාක්ෂණික ක්‍රමවේදයන් උපයෝගී කර ගනිමින් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ තොරතුරු ලබා ගැනීම සිදු කෙරෙන බවද මහ ලේකම්වරයා සඳහන් කළේය.එමෙන්ම මන්ත්‍රීවරුන්ගේ පහසුව සඳහා මෙම වැඩපිළිවෙල හඳුන්වා දුන් බවත් ඒ අනුව ඔවුන්ට පාර්ලිමේන්තුවට නොපැමිණ තම ඡන්ද කොට්ඨාශ වල සිටිමින්ම මෙම කටයුත්ත සිදු කළ හැකි බවත් දසනායක මහතා පැවසීය.


    ඒ අනුව නවවැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරයන්ට https://registration.parliament.lk වෙබ් පිටුව වෙත පිවිස මුරපදය භාවිත කරමින් මෙම අයදුම්පත්‍රය ලබා ගත හැකිවේ. මෙම මුරපදය පිළිබඳ දැනුවත් කිරීමට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය කටයුතු කරනු ඇත.


    පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන් දිවුරුම් දීම හෝ ප්‍රතිඥා දීම සහ ඉදිරි කටයුතු සඳහා ඔවුන්ගේ ජීව දත්ත තොරතුරු අනිවාර්ය වන බැවින් හැකි ඉක්මනින් තොරතුරු ලබාදීම සිදු කළ යුතු බවද මහ ලේකම් කාර්යාලය පවසයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya