මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඡන්ද විමසීමට භාවිත කරන ඡන්ද පෙට්ටිය හා එහි ක්‍රියාවලිය පිළිබඳව පැහැදිළි කරයි-ඡන්ද මධ්‍යස්ථානය සුරක්ෂිතයි

    අගෝස්තු 03, 2020

    අගෝස්තු 05 දින පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමට භාවිත කරන ඡන්ද පෙට්ටිය හා එහි ක්‍රියාවලිය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් පැහැදිළි කිරීමක් සිදු කළේ ය.

    සභාපතිවරයා මෙම පැහැදිළි කිරීම සිදු කළේ, අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    මෙවට සියලු ඡන්ද විමසීම් සෞඛ්‍ය ආරක්ෂිතව හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කළ මාර්ගෝපදේශ අනුව සිදු කරන බව කීය.

    එමෙන් ම ඡන්ද පෙට්ටි හා එම ක්‍රියාවලිය ඉතාමත් ආරක්ෂාකාරී බවත් කිසිවෙකුට ඡන්ද පෙට්ටි මාරු කිරීමට හෝ එවැනි උත්සහයක් කිරීමට අවස්ථාවක් නොමැති බවත් සඳහන් කළේ ය.

    ඡන්ද පෙට්ටි සුරක්ෂිත හා ආරක්ෂකාරී ලෙස ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලියට යොදා ගන්නා ආකාරය පිළිබඳව එහිදී පැහැදිළි කළ අතර ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානවල දී ඡන්ද පෙට්ටි සුරක්ෂිත ලෙස තබා ගන්නාඅකාරය පිළිබඳවද පැහැදිළි කළේ ය.

    මෙවර ඡන්ද පෙට්ටි ද සුවිශේෂී කඩ්බෝඩ්වලින් සකස් කළ ඒවා වන අතර කාඩ්බෝඩ් පෙට්ටි භාවිතා කරන්නේ දෙවන වරටය. ප්‍රථම වරට කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටි භාවිත කළේ පසුගිය ජනාධිපතිවරණයෙ දී ය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya