මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණය වෙනුවෙන් රැස්වීම් පැවැත්වීම අගෝස්තු 02 දා රාත්‍රී 12න් අවසන්

    ජූලි 28, 2020

    මැතිවරණය වෙනුවෙන් රැස්වීම් පැවැත්වීම අගෝස්තු 02 දා රාත්‍රී 12න් අවසන් බව බවත්, එදින රාත්‍රී 10 සිට ප්‍රචාරක යන්ත්‍ර භාවිත කිරීම තහනම් බවත් මැතිවරණ කොමිසම අවධාරණය කරයි.

    මැතිවරණ කොමිසමේ (27) දා පැවති මාධ්‍ය හමුවේදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව පවසයි.

    ඒ අනුව මැතිවරණය වෙනුවෙන් සිදුකරන අවසන් රැස්වීම් අගොස්තු 02 දා අවසන් කළ යුතුය. එසේ වුවද ගෙන් ගෙට යාම සහ අත්පත්‍රිකා බෙදීම අගොස්තු 03 වැනිදා සිදු කිරීමට හැකියාව ඇති බව දේශප්‍රිය මහතා පැවසීය. කෙසේ වෙතත් ඡන්ද පෙට්ටි රැගෙන යාම සිදු කරන අගොස්තු 04 වැනිදා කිසිඳු ප්‍රචාරණ කටයුත්තක් සිදු නොකළ යුතු බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසීය.

    මෙවර මැතිවරණය අනෙකුත් මැතිවරණ මෙන් නොව ප්‍රචාරකට කටයුතු නිසි පරිදි සිදු කිරීමට නොහැකි වූ නිසා ඡන්ද අත්පත්‍රිකා බෙදීම හා සබැඳි කටයුතු සඳහා පිරිසර පනත වැනි ඒවායෙන් ඇතිවන ගැටලු මගහැර ඒ සඳහා සම්පූර්ණ නිදහස අපේක්ෂකයාට ලබා දෙන්නැයි තමා පොලිසියෙන් ඉල්ලු බවද සභාපතිවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya