මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෑම දරුවකුටම උපාධිය හෝ උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව සළසමින් අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් ඇති කරනවා

    ජූලි 23, 2020

    සෑම දරුවකුටම උපාධිය හෝ උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව සළසමින් අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් ඇති කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිණි.

    මෙතෙක් කලක් වර්ෂයකදී උපාධිය ලැබීමේ වරම් හිමි වූයේ දරුවන් 30,000කට පමණක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඇතැම් දිස්ත්‍රික්ක වල විශ්ව විද්‍යාලයක් හෝ උසස් අධ්‍යාපන ආයතනයක් හෝ නොමැති බවද එවැනි දිස්ත්‍රික් 10ක් තෝරාගෙන අධි තාක්ෂණික හෙවත් වෘත්තියාභිමුඛ විශ්ව විද්‍යාල ඇරඹීමේ කටයුතු මේ වන විට සිදුවන බවද පැහැදිලි කළේය.

    මේ පිළිබඳව ශක්‍යතා අධ්‍යනයට පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 05ක් ලබා දී ඇති බවත් ලෝකයේ මානව සම්පතේ පවතින හිගතාව නිසා මෙම විප්ලවය ඇති වූ බවත් මෙය ඉතිහාසයේ කිසිදු අවස්ථාවකදී හෝ සිදු නොවූ බවද පැහැදිළි කළේය.

    මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට වැඩිම ශිෂ්‍ය පිරිසක් බඳවා ගන්නේද මේ වර්ෂයේදී බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya