මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණයේ දී රාජ්‍ය නිලධාරීන් වගකීමෙන් හා විශ්වාසයෙන් කටයුතු කළ යුතුයි

    ජූලි 22, 2020

    මැතිවරණයේ දී රාජ්‍ය සේවයේ නිලධාරීන් වගකීමෙන් හා විශ්වාසයෙන් යුක්තව රාජකාරි කටයුතුවල නියැලිය යුතු බව ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් හා තේරීම්භාර නිලධාරි ජේ.එස්.ඩී.එම්. අසංක අබේවර්ධන මහතා පවසයි.

    දිස්ත්‍රික් ලේකම්වරයා බව ප්‍රකාශ කළේ, එලඹෙන මහ මැතිවරණය සඳහා මැතිවරණ රාජකාරිවල යෙදවීමට තේරී පත්වූ ජ්‍යෙෂ්ඨ ඡන්ද පොල ස්ථානාධිපති සහ කනිෂ්ඨ ඡන්ද පොල ස්ථානාධිපතිවරුන් සඳහා ඊයේ (21‍්) දිනයේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සංවිධානය කරනු ලැබූ පුහුණු වැඩමුළුව අමතමිනි.

    වැඩිදුරටත් අදහස් දැක් වු දිස්ත්‍රික් ලේකම්වරයා, මැතිවරණයට අදාළ නිකුත් කිරීම, බාරගැනීම ඡන්ද පොල මධ්‍යස්ථාන රාජකාරි හා ඡන්දය ගණන් කිරීමේ රාජකාරි සඳහා ඔවුන් යොදවන බවත් ලබාදුන් රාජකාරි නිසිලෙස ඉටු කිරීම සඳහා පැවැත්වූ පුහුණු පාඨමාලාව නිසි ලෙස අවබෝධ කර ගත යුතු බව සඳහන් කළ දිස්ත්‍රික් ලේකම්වරයා, ඡන්ද පොල මධ්‍යස්ථානවල මහජනතාවට තමන්ගේ ඡන්දය නිදහසේ භාවිතා කිරීමට අවශ්‍ය වාතාවරණයක් සකස් කිරීම ඉතා වැදගත් බවත් පක්ෂ භේදයකින් තොරව එම කටයුතුවල නිරතවන ලෙසත් කීය.

    මැතිවරණ රාජකාරිය ඉතා වැදගත් රාජකාරියක් බැවින් ඒ සඳහා උනන්දුවෙන්, වගකීමෙන් හා කැපවීමෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවත් පසුගිය මැතිවරණ සමයේදීත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු සාමාන්‍ය අයුරින් පැවැත්වූ අතර ඒ සඳහා නිලධාරීන් දැක්වූ සහයෝගය අගය කළ යුතු බවත් මෙහිදී නැගෙනහිර පළාත් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එස්. සුදාහරන් ද කීය.

    එලඹෙන මැතිවරණයේදීත් තමන්ට ලබා දුන් කාර්යභාර්ය නිසි ලෙස ඉටු කිරීම අවශ්‍ය බවත් ඒ සඳහා උපරිම සහයෝගයෙන් කටයුතු කරන ලෙසත් නැගෙනහිර පළාත් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා තවදුරටත් කියා සිටියේය.

    ඡන්ද පොල මධ්‍යස්ථානවලදී මැතිවරණ රාජකාරිවල කටයුතු කිරීම සම්බන්ධවත් අවශ්‍ය නීතිරීති සම්බන්ධවත් මෙහිදී නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා විසින් පැහැදිලි කළ අතර ඒ සම්බන්ධව සහභාගි වූ නිලධාරීන් විසින් යොමුකළ පැනයන් සඳහා නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා විසින් පිළිතුරු ලබා දෙමින් ඔවුන්ගේ ගැටලු නිරාකරණය ද සිදු විය.

     

    දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය- ත්‍රීකුණාමලය

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya