මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ වෛද්‍ය පීඨයෙන් රෝග නිවාරණය හා ප්‍රතිකාර සේවාවන් සදහා දක්ෂ වෛද්‍යවරුන් දහස් ගණනක් බිහිකළා

    ජූනි 03, 2020

    උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති කොළඹ විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨය ආසියාවේ ඇති පැරණිතම වෛද්‍ය පීඨය බවත්, මෙම වෛද්‍ය පීඨයෙන් බිහි වූ වෛද්‍යවරු මෙරටේ රෝගී ජනතාවට අමිල සේවයක් සිදු කොට ඇති බවත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසීය.

    සෞඛ්‍ය අමාත්‍යතුමිය මෙම කරුණු දක්වන ලද්දේ (01) දිනට කොළඹ විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨයට වසර 150 ක් පිරිම නිමිත්තෙන් කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨය සංවිධානය කොට තිබූ විශේෂ උත්සවයකට එක්වෙමිනි. මෙරට පමණක් නොව ආසියා කලාපීය රටවල ද පැරැණිතම වෛද්‍ය පීඨ අතරින් ප්‍රමුඛස්ථානයක් කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයට හිමි වේ.

     

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යතුමිය - “කොළඹ විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨය තුලින් රෝග ප්‍රතිකාර හා රෝග නිවාරණ යන ක්ෂේත්‍රවල ප්‍රමුඛ හා දක්ෂ වෛද්‍යවරු දහස් ගණනක් බිහිකර තිබෙනවා. මෙම ක්ෂේත්‍රවල අභිවෘද්ධිය සදහා කොළඹ වෛද්‍ය පීඨයෙන් බිහි වූ වෛද්‍ය විශේෂඥයින් මහගු දායකත්වයක් ලබා දී තිබෙනවා. මෑතක දී අප රට තුල ඇති වූ COVID-19 වසංගතය මර්දනය කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කළ වැඩපිළිවෙලේ දී කොළඹ වෛද්‍ය පීඨයේ විශේෂඥයින්, පර්යේෂකයින් දිවා රෑ නොබලා විශාල දායකත්වයක් ලබාදුන්නා.”

    “සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස රෝග නිවාරණයේ දී හා ප්‍රතිකාර කිරිම පිළිබද තීරණයක් ගැනීමේ දී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදු කරන පර්යේෂණ සදහා දත්තයන් අත්‍යාවශ්‍ය වේ. තව ද වෛද්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීයමය සංවර්ධන හා විශේෂඥ වෛද්‍ය පුහුණු සදහා විශේෂඥයින් අමාත්‍යාංශයට අත්‍යාවශ්‍ය වේ. මෙහිදී කොළඹ වෛද්‍ය පීඨයෙන් බිහි වූ වෛද්‍ය විශේෂඥයින් අප රටේ ප්‍රමුඛතම පර්යේෂකයින් වන අතර, එම පර්යේෂණයන් රජයේ සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය සදහා බෙහෙවින් උපකාරි වී ඇත.”

    මෙහිදී කොළඹ විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨයට වසර 150 ක් පිරීම නිමිත්තෙන් සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් වෛද්‍ය පීඨ පරිශ්‍රයේ නා පැළයක් රෝපණය කළ අතර, කොළඹ වෛද්‍ය පීඨයේ කාර්ය මණ්ඩලය විසින් සකස් කළ සමරු සිහිවටන කළාපයක් සෞඛ්‍ය අමාත්‍යතුමියට පිළිගැන්වීම ද මෙහිදී සිදු විය.

    නිරෝධායන නීතිරීති වලට අනුකූලව පැවැති මෙම උත්සවයට උසස් අධ්‍යාපන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, සෞඛ්‍ය ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ මහතා, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති චන්ද්‍රිකා විඡේරත්න මහත්මිය, වෛද්‍ය පීඨාධිපති මහාචාර්ය වජිර දිසානායක මහතා, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති සම්පත් අමරතුංග මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya