අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැයි 11 වන විට ජනජීවිතය යථාවත් කිරීම ඇරඹීමට සූදානම්- ජනජීවිතය යථාවත් වන්නේ කෙසේද?

    මැයි 10, 2020

    මැයි 11 වනදා සිට මෙරට ජනජීවිතය යථාවත් කිරීම සදහා රජය තීරණය කර තිබේ. ඒ අනූව කොළඹ, ගම්පහ, කලුතර යන දිස්ත්‍රික්කවල  රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

     

    11 වෙනි සදුදා සිට කොළඹ, ගම්පහ, කලුතර, පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක විසි ඒකෙහි 11 වැනිදා අලුයම 05 සිට රාත්‍රී 08 දක්වා ඇදිරිනීතිය ඉවත් කෙරෙන අතර මෙම දිස්ත්‍රික්ක සදහා නැවත දැනුම්දෙන තුරු සෑම දිනකම ඇදිරිනීතිය ලිහිල් වන්නේ අලුයම 05 සිට රාත්‍රී 08 දක්වා කාලසීමාවේදීයි.

    ඇදිරිනීතිය ලිහිල් කෙරෙන ප්‍රදේශ වල ජනතාවට සිය දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරගෙන යා හැකි වුවත් රජය ඉල්ලා සිටින්නේ අත්‍යවශ්‍ය කාරණයකට පමණක් නිවසින් බැහැරව ගොස් අනෙක් සෑම අවස්ථාවකම නිවෙස් තුළ රැදී සිටින ලෙසයි.

    ඇදිරි නීතිය ක්‍රියාත්මක කොළඹ, ගම්පහ, කලුතර, පුත්තලම යන දිස්ත්‍රික්ක වල රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේ ආයතන මැයි 11 වනදා සිට විවෘත කොට පවත්වාගෙන යාම සිදුකරනවා.ඒ සදහා සැලසුම් සකස් කිරීම සිදුවන්නේ ඒඒ ආයතන වල ප්‍රධානීනන් විසින්. ඒමෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වල රාජකාරියට වාර්තා කළ යුතු සේවකයි ප්‍රමාණය තීරණය කිරීමද ආයතන ප්‍රධානියාගේ වගකීමක් වනවා.

    ආයතන විවෘත කොට පවත්වාගෙන යාමේදී සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් ක්‍රියාත්මක කිරීම පිළිබද වගකීම ඇත්තේ ආයතන ප්‍රධානීන් වෙතයි. පෞද්ගලික අංශයේ ආයතන විවෘත කිරීමට උපදෙස් ලබාදී ඇත්තේ පෙරවරු 10 ටයි.

    නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන පරිදි කොළඹ, ගම්පහ, කලුතර දිස්ත්‍රික්ක ආශ්‍රිතව පරිපාලන ආයතන, නිෂ්පාදනයට සම්බන්ධ කර්මාන්තශාලා, වරාය ගුවන්තොටුපල ආදිය පිහිටා ඇතත් වෙනදා මෙන් සියල්ලන්ටම ඒළියට බැසීමට නොහැකි තත්ත්වයක් පවතී. සේවයට පැමිණෙන අය සේවයට පැමිණිය යුතු වන්නේ කැදවීම අනූවයි. ප්‍රවාහය සේවා අවශ්‍යතාවය අනූව ධාවනය විය හැකි අතර පාරිභෝගික අවශ්‍යතා ලබාගැනීමට හැකි වෙළදසැල් විවෘතව තැබීමටද හැකියාව ඇත.

    පොදු ප්‍රවාහන සේවා බස්රථ, දුම්රිය ආදියෙහි යම්කිසි මගියෙකු හෝ කළමනාකරීත්වය ඒ නිර්ණායක උල්ලංගණය කරමින් කටයුතු කරන්නේ නම් ඔවුන්ට ඒරෙහිව නිරෝධායන නීතින්ට අනූව කටයුතු කිරීමට සිදුවනු ඇත.

    මෙම අවස්ථාවේදී රාජකාරියට සියලුම දෙනා වාර්තා කළයුතුද යන්න රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම සේවකයින්ට මතුවන ගැටලුවකි. මේ පිළිබදව අදහස් දක්වමින් රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ඒස් .හෙට්ටිආරච්චි මහතා පවසන්නේ, සේවයට පැමිණිය යුතු සේවක සංඛ්‍යාව පිළිබදව තීරණය කිරීමට හැකියාව ඇත්තේ ඒම ආයතන වල ප්‍රධානීනන්ට බවයි. ඔහු පවසන පරිදි කොළඹ අවට කාර්යාල වල කොළඹ අවට පදිංචි පිරිස් සේවයට කැදවාගන්න යැයි ආකෘතියේ සදහන්ව ඇත.

    ඒමෙන්ම රාජ්‍ය සේවකයන් කාර්යාලයට පැමිනීමේදී සැහැල්ලු ඇදුමකින් සැරසී පැමිණිය හැකි අතර රාජකාරී කටයුතු කිරීමට විශේෂිත වේලාවක්ද නොමැත. ඒනම් ඒදිනෙදා සේවකයන් වෙත ඇති අවශ්‍ය රාජකාරී කොටස් ඉවර වූ පසු ආයතන ප්‍රධානියාගේ අනුමැතිය පරිදි කල්වේලා ඇතිව ඔවුන්ට නිවෙස් වෙත යාමේ හැකියාවක් පවතී.

    පුද්ගලික අංශයේ උදෑසන 10ට රාජකාරී අරඹන අතර පුද්ගලික කර්මාන්ත ශාලාවල සේවා පවත්වාගෙන ාම මුර ක්‍රමයට සිදුවනවා නම් ඒලෙස කිසිදු ගැටලුවකින් තොරව සේවා පවත්වාගෙන යාමේ හැකියාවක් පවතිනවා.ඒමෙන්ම දැනුම්දී ඇති පරිදි සේවයට කැදවීමේදී කිරිදෙන මවුවරුන් සහ ගරභණී කාන්තාවන් සේවයට කැදවීමෙන් වැළකිය යුතුය. මේ වන විට බොහෝ දුරට Online ක්‍රමයට රාජකාරී කටයුතු සිදුකරන අතර ඒම ක්‍රමවේදය තවදුරටත් ක්‍රියාත්මක කරන ලෙසද ඉල්ලා සිටිනවා.

     

    රාජකාරියට වාර්තා කළයුතු ජනතාවට ගමනාගමන පහසුකම් සැලසීමට පොදු ප්‍රවාහන සේවා මාර්ග 02ක් ක්‍රියාත්මකයි. ඒනම් බස්රථ සහ දුම්රියයි. බස්රථ සහ දුම්රිය වල ගමන්කිරීම රාජකාරී සදහා යන ජනතාවට පමණක් සීමාකිරීමට රජය තීරණය කර තිබෙනවා. ඔබ බස් රථයක ගමන් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ සදහා නිකුත් කර ඇති උපදෙස් මාලාව අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතුයි.

    මෙම කරුණ සම්බන්ධව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා මෙසේ අදහස් පළකලා. සෞඛ්‍ය අංශ විසින් කොරෝනා ආසාධිතයින් වැඩිපුර ඉන්න ප්‍රදේශ රතු සහ කහ වශයෙන්ද ඒසේ නැති ප්‍රදේශ කොළ පාටින්ද හදුනාගෙන තිබෙනවා. අපි ඉල්ලීමක් කළා අවම වශයෙන් කොළ පාටින් තියෙන ප්‍රදේශ වලවත් බස් රථයේ ශීට් ගණනට ප්‍රමාණවත් ලෙස මගීන් ගෙනයාමට පෞද්ගලික බස්රථ හිමයන්ට සහ ලංගම ට අවසර ලබාදෙන්න කියලා. යෝජනා කරලා තියෙන්නේ සිග් සැග් ආකාරයට ඉදගන්න කියලා. මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කරලා තියෙනවා ඒ්කාබද්ධ කාලසටහන් යොදවලා කෝච්චියෙන් ඒන අය ප්‍රවාහනය කිරීමට. දැනට ඇදිරිනීතිය නැති ප්‍රදේශ වල බස්රථ 3000ක් පමණ ධාවනය කරනවා. ඒ වගේම අධිවේගී මාර්ග වල ධාවන කටයුතුත් ආරම්භ කිරීමට බලාපොරොත්තු වනවා. දුම්රියෙහි ගමන්කිරීමේ හැකියාව පවතින්නේ කලින් ආසන වෙන්කරගත් මගීන්ට සහ වාර ප්‍රවේශපත්‍ර හිමි මගීන්ට පමණයි.

    දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී. ඒස් පොල්වත්තගේ මහතා ඒ පිළිබදව අදහස් දැක්වූයේ මෙලෙසයි.
    රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ අත්‍යවශ්‍ය සේවාවන් සදහා ආයතන ප්‍රධානීන් විසින් නිර්දේශ කර දුම්රිය දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කල නාමලේකනයන් අනූව ඒය ප්‍රතිග්‍රහණය කරමින් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ආසන වෙන්කරපු මගීන්ට පමණක්මයි මේ දුම්රිය වල ගමන් කිරීමට පුළුවන්. 3000ක් පමණ රාජ්‍ය සහ පෞද්ගලික අංශ වල සේවකයන් අප වෙත ලබාදුන් තොරතුරු අනූව ඒ සැලසුම් කරපු දුම්රිය ගමන් වල ඔවුන්ට නිසි දුම්රිය අංකයක්, මැදිරි අංකයක් සහ ආසන අංකයක් ලබාදෙනවා. මෙම ආසන අංකය දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට නිදහස් කිරීම සිදුකරනවා.

    ඒය සිදුවී ඇත්තේ කොයි ආකාරයෙන්ද කියා සෙනසුරාදා හවස හෝ ඉරිදි වන විට නැවත පරීක්ෂාවට ලක්කරලා බලන්න පුළුවන්. ලේඛණගත කරලා ගමන්වාර සැලසුම් කළ සියලු මගීන්ට ඒස් ඒම් ඒස් පණිවිඩයක් යවනවා. ඒම ඒස් ඒම් ඒස් පණිවිඩය නැත්නම් ඇතුල්වෙන්න විදියක් නෑ. මේ සියලුම තොරතුරු හැම දුම්රිය ස්ථානයකම හැම දුම්රිය ස්ථානාධිපතිවරයෙකුටම යවනවා. ලේඛණයට අනූව දුම්රිය ස්ථානාධිපතිවරයා ටෝකන් ප්‍රමාණයක් සැලසුම් කරනවා.

    ඒම ටෝකන් පහ සතියේ දින 5 සදහා වර්ණ පහකින් සකස් කරලා තියෙනවා. ඒම ටෝකන් ඒකත් අරගෙන දුම්රියට ආරක්ෂිත විදිවිධාන අනූව ඇතුල්වුණ මගියා වේදිකාවට පිවිසීමේදී සාමාන්‍යයෙන් ඔවුන් අවබෝධ කරගත යුතු වෙනවා ඒම ටෝකන් පතට අනූව තමන් දුම්රිය වේදිකාවේ කොතැන ස්ථානගත වියයුතුද යන්න. හවසට ඒනකොට අනිවාර්යයෙන්ම උදේ දුම්රිය ස්ථානයෙන් දුන් ටෝකන්පත දුම්රිය ස්ථානයේදී පෙන්විය යුතුයි. තමන් උදේ ආපු දුම්රිය්මයි තමන්ට හවසට යන්න තියෙන්නේ. ඒම මැදිරියේමයි.

    ඒම ආසනයේමයි. මෙලෙස දම්රිය සේවාවන් නුවර, මහව, හලාවත, බෙලිඅත්ත, අවිස්සාවෙල්ල සහ කොළඹ කේන්ද්‍ර කරගනිමින් දුම්රිය ධාවනයට සැලසුම් කෙරෙනවා. රාජකාරී සදහා යන ඔබට සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් මාලාව අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු වනවා. වෛද්‍ය පර්යේෂණ ආයතනයෙහි අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ඒ් පිළිබදව මෙලෙස අදහස් දක්වනවා. අතසෝදන දියරයක් තමන් ලග තබාගෙන ඒයින් පැයකට සැරයක් වත් අත් සේදිය යුතුයි. අත්දෙකේ ඇගිලි කරු අතර, ඇගැලි තුඩු කෙළවර දියරය හොදින් තවරා ගනිමින් දෑත් සෝදන්න. මීට අමතරව අඩුම වශයෙන් පැය දෙකකට සැරයක්වත් සබන් යොදා දෑත් සෝදන්න.

    තමන්ගෙන් ලෙඩේ සමාජගත නොවන අයුරින් ශල්‍ය මුඛ ආවරණයක් හෝ නිසි ප්‍රමිතියකින් යුතු මුඛ ආවරණයක් භාවිතා කරන්න. පුළුවන් තරම් මීටරේ දුර පවත්වාගෙන යන්න. වාහනයක ගමන් කරන විට ඒක් දිශාවක් පමණක් බලාගෙන ගමන්ගන්න. මුහුණට මුහුණ බලාගෙන යන්න ඒපා. කාර්යාල වල ඩෙස්, පුටු, මේස ඒකදිශාවකට පමණක් සිටින පරිදි සේවකයන් වාඩිවී වැඩ කල යුතුයි. රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම රාජකාරී නොකරන කොළඹ, ගම්පහ, කලුතර, පුත්තලම දිසුත්‍රික්ක වල ජනතාවට නිවසෙන් බැහැර යාමට හැකියාව ඇත්තේකාටද න ගැටලුව මතුවිය හැකියි.

    ඒම ගැටලුවට නියෝජ්‍ය පොලිස්පතිවරයා ලබාදෙන පිළිතුර මෙසේයි. යම්කිසි පුද්ගලයෙක්ට හැදුනුම්පත් අංක ක්‍රමයට ඔවුන්ගේ නිවසේ සිට කිලෝමීටර් 10ක් 15ක් ගමන්කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. තමන්ගේ ළගම තියෙන වෙළදසැලකට, ළගම තියෙන පාමසියකට ආදී ස්ථාන වලට පමණයි යාමට හැකියාවක් ලැබෙන්නේ. ඒලෙස නොමැතිව ඔවුන් ගමන් කරනවා නම් ඔවුන් ඇදිරිනීතිය කඩකළ අය ලෙස සලකා කටයුතු කිරීමට සිදුවෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ හෝ ඖෂධ මිලදීගැනීමක් සදහා නිවසෙන් බැහැරව යන්නේ නම් හැදුනුම්පතේ අවසන් අංකය 1හෝ 2 සදහන් වන පුද්ගලයින්ට සදුදා දිනයේ නිවසින් බැහැරව යා හැකියි.හැදුනුම්පතේ අවසාන අංකය අනූව 3 හා 4 අංක හිමි පුද්ගලයන්ට අගහරුවාදාද, 5 හෝ 6 අංක හිමි අයට බදාදා ද, 7, 8 අංක හිමි අයට බ්‍රහස්පතින්දා ද, 9 සහ 0 අංක හිමි අයට සිකුරාදා ද වශයෙන් අත්‍යාවශ්‍ය කටයුතු සදහා නිවසෙන් බැහැර යා හැකියි. ඒ අනූව 11 වෙනි සදුදා නිවසෙන් බැහැර යා හැක්කේ හැදුනුම්පතේ අවසන් අංකය ලෙස 1 හෝ 2 සටහන් වන අයටයි. කෙසේ වෙතත් රාජ්‍ය හෝ පෞද්ගලික අංශ වල රැකියා වලට යන්නන් සදහා මෙම හැදුනුම්පත් අංක ක්‍රමය අදාල නොවේ. මැයි 11 වනදායින් පසු ඇදිරිනීතිය ක්‍රියාත්මක වන දිසුත්‍රික්ක වල සතොස අලෙවිසැල් ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබදව ලංකා සතොස ආයතනයෙහි සභාපති නූෂාඩ් පෙරේරා මහතා මෙලෙස අදහස් දක්වන ලදී.

    11 වන සදුදා සිට ඇදිරිනීතිය ක්‍රියාත්මක සෑම දිසුත්‍රික්කයකම අපි වැඩ කරන්න සූදානම්. අදේ 08 වෙනකොට සෑම අලෙවි ජාලයක්ම විවෘත වෙනවා. අපි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලන්නේ සමාජ දුරස්ථභාවය තියාගනිමින් මේ අලෙවිසැල් වලට ඇවිල්ලා කඩිනමින් ඔබට අවශ්‍යදේ මිලදී ගෙන පිටව යන ලෙසටයි. සෑම පාරිභෝගිකයෙකුටම ඔවුන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට විනාඩි 20ක පමණ කාලයක් ලබාදී තිබෙනවා. ඇදිරිනීතිය ලිහිල් කරන ප්‍රදේශ වල රූපලාවන්‍යාගාර සහ කොණ්ඩ කපන මධ්‍යස්ථාන මැයි 11 වනදා සිට විවෘත කිරීමට රජය තීරණය කර තිබෙනවා. අදාල ආයතන ක්‍රියාත්මක කළ යුතු වන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලබාදී ඇති ැඩි කොන්දේසි මාලාවකට යටත්වයි.ඒ අනූව රූපලාවන්‍යාගාරයක කොණ්ඩා කැපීම, වර්ණ ගැන්වීම, නියපොතු කැපීම සහ වර්ණ ගැන්වීම මෙන්ම අත් පා වල අනවශ්‍ය රෝම ඉවත් කිරීම සිදුකළ හැකි වනවා. කෙසේ වෙතත් රැවුල කැපීම වැනි මුහුණට සමීපව සිදුකරන ප්‍රතිකර්ම රූපලාවන්‍යාගාර වල සිදුකිරීමට අවසර ලැබන්නේ නැහැ. රූපලාවන්‍යාගාර විවෘත කිරීමට පෙර ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා දැනුවත් කළ යුතු අතර ඔහු වෙත යොමු කළ යුතු විස්තර පත්‍රිකාවක් වනවා.

    ඒය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් හෝ www.health.gov.lk යන වෙබ් අඩවියෙන්ද බාගත කරගත හැකියි. ශ්‍රී ලංකා කොණ්ඩා මෝස්තර හා රූපලාවන්‍ය ශිල්පීන්ගේ සංගමයේ සභාපති නයනා කරුණාරත්න මහත්මිය පවසන පරිදි රූපලාවන්‍යාගාරයක කලයුතු කටයුතු, දුරස්ථභාවය පවත්වාගැනීම, වේලාවන් වෙන්කරගිමින් සේවාලාභීන් ගෙන්වාගැනීම, අන් අය පිටතින් රදවා තැබීම, කාර්යමණ්ඩලයේ පිරිසිදුභාවය පවත්වාගැනීම, රූපලාවන්‍යාගාර වෙත පැමිණීම් පිටවීම් සිද්කල යුතු ආකාරය ආදී සියල්ලම නීති මාලාවේ සදහස් වෙයි. අපි ඒම නීති පිළිපදින බවට පොරොන්දුවක් වෙලා ඒ ලිස්ට් ඒක පුරවලා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමාට භාරදිය යුතුයි. ඉන්පසු ඒතුමා පැමිණ රූපලාවන්‍යාගාරය පරීක්ෂා කර බලා අනුමත කරනවා. ඔහුගේ අත්සන සහිත අනුමැතියෙන් පමණයි රූපලාවන්‍යාගාර විවෘත කළ හැකි වන්නේ...

    ඒ අනූව මෙලෙස විවිධ පැති ආවරණය වන අයුරින් ආරක්ෂාව සලසා ගනිමින් මැයි 11 වන විට ජනජීවිතය යථාවත් කිරීම ඇරඹීමට සූදානම්...

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya