අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    5,089 දෙනකු නිරෝධායනය වී තම නිවෙස් වෙත - පුද්ගලයින් 4,883 දෙනකු තවදුරටත් නිරෝධයනයේ - පුද්ගලයින් 210 දෙනකුගෙන් යුක්ත කණ්ඩායමක් හෙට දිවයිනට

    මැයි 05, 2020

    ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම රාජ්‍ය අංශයේ සේවයේ නියුතු පුද්ගලයින් 210 දෙනකුගෙන් යුක්ත කණ්ඩායමක් හෙට (06) දිනයේ දී ද එක්සත් රාජධානියේ සිට මෙරටට රැගෙන ඒමටනියමිත ව ඇති අතර ඔවුන් සියලු දෙනා ද නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කිරීමට කටයුතු කරන බවත් යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

    COVID - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ දී ඒ මහතා අද (05) මේ බව සඳහන් කළේය.

    ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වලින් අද දිනයේ දී 47 දෙනකු තම නිරෝධායනය අවසන් කර මෙන්ම PCR පරීක්ෂණ කටයුතු සිදු කිරිමෙන් අනතුරුව නිවෙස් කරා මුදා හැරීමට කටයුතු කරනු ලැබූ බවත් යුධ හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියේය.

    මේ අනුව ශ්‍රී ලංකාව තුළ මේ දක්වා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වලින් අද දිනයේ දී 5,089 දෙනකු මේ දක්වා නිරෝධායනය වී ඔවුන්ගේ නිවෙස් කරා මුදා හැරීමට කටයුතු කරනු ලැබ ඇත.

    එමෙන්ම, ඊයේ (05) හමු වූ වෛරසය අසාදනය වූ නාවික හමුදාවේ විරෝදාර රණවිරුවාට අදාළ ව නුවර කොලඹිස්ස ප්‍රදේශයේ ඔහුගේ පවුලේ ඥාතින් සහ සමීපව ඇසුරු කළ අයවලුන් 67 දෙනකු ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් නිරෝධායනයට ලක් කරනු ලැබූ බවත්, ඒ සමඟම අද දිනයේ දී රාජගිරිය බණ්ඩාරනායක පුර ප්‍රදේශයෙන් සොයාගනු ලැබූ අසදිතයා ඇසුරු කරනු ලැබූ 29 දෙනකු ද, කොළොන්නාව ප්‍රදේශයේ දී හමු වූ වෛරසය අසාදිත පුද්ගලයා ඇසුරු කළ 27 දෙනකු ද අද දිනයේ දී නිරෝධායනය කිරීමට කටයුතු කළ බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.

    ඒ අනුව, අද දිනයේ දී ද විවිධ ප්‍රදේශ වලින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත 138 දෙනකු රැගෙන ඒමට කටයුතු කරනු ලැබ ඇත.මේ අනුව, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 39 ක් තුළ පුද්ගලයින් 4,883 දෙනකු දෙනකු තවදුරටත් නිරෝධායනය වෙමින් පවතී.

    එපමණක් නොව, ඊයේ (05) දිනයේ දී හඳුනාගත් වෛරසය අසාදිත පුද්ගලයින් 33 දෙනාගෙන් 31 දෙනකු ම ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයේ නියුතු විරෝදාර රණවිරුවන් වන බවත්, එම 31 දෙනාත් සමඟ ශ්‍රී ලංකා නාවික හමුදා රණවිරුවන් 329 දෙනකු වෛරසය අසාදිත ව ඇති බවත් යුධ හමුදාපතිවරයා නිවේදනය කළේය.

    අද දිනයේ දී (05) ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වැටුප් ලබා ගැනීම සඳහා පෙර සිදු කළ පරිදි ප්‍රවාහන පහසුකම් සැපයීමටත්, ඔවුන් බැංකු කරා රැගෙන ඒමට සහ නැවත නිවෙස් කරා රැගෙන ඒමටත් ත්‍රිවිධ හමුදාව විසින් කටයුතු කරනු ලැබීය.

    එමෙන්ම, ඊයේ (05) යුධ හමුදාවේ විරෝදාර රණවිරුවෙකු එක් කඳවුරක සිට වෙනත් කඳවුරක් වෙත රාජකාරි සඳහා වාර්තා කිරීමට ගමන් කරමින් සිටිය දී දඹුල්ල ප්‍රදේශයේ දී මිය ගොස් ඇති අතර ඔහු විටින් විට හටගන්නා අපස්මාරය රෝගය පැවති අයෙකු බවත්, ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය මේ වන විට සිදු කරමින් පවතින බවත් ප්‍රකාශ කළ යුධ හමුදාපතිවරයා එකී පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව නියම තතු ලබා දීමට හැකි වන බවත් ප්‍රකාශ කර සිටියේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya