අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් -19 පොකුරු වර්ධනය වීම හෝ නොවීම පිළිබඳව මේ මොහොතේ අනාවැකි පලකළ නොහැකියි

    අප්‍රේල් 30, 2020

    කොවිඩ් -19 පොකුරු ( Clusters ) වර්ධනය වීම හෝ නොවීම පිළිබඳව මෙන්ම සමාජයේ අලුතින් පොකුරු ඇතිවීම හෝ නොවීම පිළිබඳව මේ මොහොතේ අනාවැකි පලකළ නොහැකි බව  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

    රෝග ව්‍යාප්තිය පාලනයට සියලු පියවර ගෙන ඇතැයි අවධාරණය කෙරේ.

    නාවික හමුදා සෙබලුන් අතර සිටිය හැකි බවට සැක කරන ආසාදිතයින් සොයා ගැනීමේ කටයුතු මේ වන විට අවසන් භාගයට පැමිණ තිබේ.නාවික හමුදා සෙබලුන්ගේ ස්පර්ශකයින් ලෙස ආසාදිත වූවන් ප්‍රධාන වශයෙන්ම පවුලේම සාමාජිකයින් සහ අවට ප්‍රදේශ වාසීන් මෙන්ම ඔවුන් ආගිය ස්ථාන වල සිටි හිතවතුන් ආදී පුද්ගලයින් ඉදිරියේදීත් ආසාදිතයින් බවට පත් වේවිද යන සැකය මේ වන විට මතුවී තිබේ.

    එබැවින් එම ස්පර්ශකයින් පිලිබඳව සෞඛ්‍ය කාර්ය මණ්ඩල මෙන්ම බුද්ධි අංශයද දැඩි විමසිල්ලෙන් පසුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. මේ වන විට මතුවී තිබෙන කොවිඩ් -19 පොකුරු ( Clusters ) තව දුරටත් විශාල වශයෙන් වර්ධනය නොවනු ඇතැයි තමන් විශ්වාස කරන බව  පවසන විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා එහෙත් තව දුරටත් එම පොකුරු ආශ්‍රිතව සහ නාවික හමුදා සෙබලුන්ගේ ස්පර්ශකයින් ආශ්‍රිතව ආසාදිතයින් මතුවේදැයි නිති විමසිල්ලෙන් සිටීම මේ මොහොතේ අත්‍යවශ්‍ය කටයුත්තක් වන බවද පෙන්වා දෙයි.කෙසේ වෙතත් ආසාදිතයින් බවට පත් විය හැකි බවට අවදානමක් තිබෙන හේතු සහිතව හඳුනා ගන්නා සියලු දෙනා නිරෝධායනයට ලක් කර තිබේ.

    එහෙත් තව දුරටත් මෙම පොකුරු ( Clusters ) වර්ධනය වීම හෝ නොවීම පිලිබඳව මෙන්ම සමාජයේ අලුතින් පොකුරු ඇතිවීම හෝ නොවීම පිලිබඳව මේ මොහොතේ අනාවැකි පලකළ නොහැකි බවද පවසන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා රෝග ව්‍යාප්තිය පාලනයට සියලු පියවර ගෙන ඇතැයි ප්‍රකාශ කරයි. කෙසේ වෙතත් රෝග ව්‍යාප්තිය පාලනයට ගෙනයන  වැඩපිලිවෙල සාර්ථක වීමට බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය උපදෙස් නිවැරදිව මහජනතාව විසින් පිළිපැදීම බව අවධාරණය කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya