මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මියගිය හා විදෙස් ගතවූ ඡන්දදායකයින්ගේ විස්තර මැතිවරණ කොමිසම ඉල්ලයි

    මාර්තු 10, 2020

    මියගිය හෝ විදේශ ගතවී සිටින ඡන්ද දායකයින්ගේ තොරතුරු මාර්තු 14 වන දාට පෙර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට හෝ ග්‍රාම නිලධාරියා වෙත ලබා දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

    ඒ අනුව 2019 ඡන්ද හිමි නාමලේඛනයේ නම් සඳහන් වී ඇති මාර්තු 10 වැනි දින වනවිට විදේශගතව සිටින හා මියගොස් ඇති ඡන්ද දායකයින්ගේ නම් මෙසේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට හෝ ග්‍රාම නිලධාරියාට බාරදෙන ලෙස ඉල්ලා සිටින්නේ මහ මැතිවරණයේදී ඡන්දය අවභාවිත වීම වැළැක්වීම සඳහා බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ( ප්‍රතිපත්ති සම්පාදන) චන්න පී. ද සිල්වා මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya