මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංචාරක ක්ෂේත්‍රයේ ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ක ආදායම් ඉලක්කය සපුරා ගැනීමට  වසර 05 ක ගෝලීය සන්නිවේදන වැඩ සටහනක්

    මාර්තු 10, 2020

    සංචාරක ක්ෂේත්‍ර යේ ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ක ආදායම් ඉලක්කය සපුරා ගැනීම සදහා වසර 05 ක ගෝලීය සන්නිවේදන වැඩ සටහනක් සැලසුම් කෙරේ. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වන විට ඇමති මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කර ඇතැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් කර ඇත්තේ 2025 වන විට සංචාරක ක්ෂේත්‍ර යෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ක ආදායමක් ජාතික ආර්ථිකයට එක් කිරීමට අපේක්ෂා කරන බවයි. ඒ සදහා සංචාරකයන් මිලියන 06 ක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කෙරේ. පශ්චාත් යුධ සමය තුළ මෙරටට සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක් වාර්ෂිකව පෙන්නුම් කළ අතර ජාත්‍යන්තර වශයෙන් සිදු වු ධනාත්මක මාධ්‍ය ප්‍රචාරණය ඊට හේතු වු බව ඇමතිවරයාගේ අදහසයි. කෙසේ වෙතත් පසුගිය වසර කීපය තුළ මෙරට සංචාරක ව්‍යාපාරය බිද වැටුණි. 2016 වසරේ දී සංචාරක පැමිණීම් ඉලක්කය වුයේ මිලියන 2.5 කි. එහෙත් එය මිලියන 2 කට සීමා විය.


    පාස්කු ප්‍රහාරයත් සමග මෙරටට සංචාරකයන් පැමිණීමේ සංඛ්‍යාව මිලියන 1.9 දක්වා අඩු වී තිබුණි. සංචාරක ප්‍රවර්ධනය සදහා මේ වසරේ මැද භාගයේ සිට ඉදිරි වසර 05 ක කාල සීමාව තුළ ගෝලීය සන්නිවේදන වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන අතර 2022 වසර නරඹමු ශ්‍රී ලංකා වසර ලෙස ප්‍රකාශයට පත් කීරීමට අපෙක්ෂිත ය. එක්සත් රාජධානිය ජර්මනිය, ප්‍රංශය, ඉන්දියාව, චීනය, ඕස්ට්‍රෙලියාව, රුසියාව හා ගල්ෆ් කලාපීය රටවල් සදහා ගමනාන්ත නියොජිත සමාගම් පත් කීරිම ඇමෙරිකාව, ස්පාඤ්ඤය, ඉතාලිය, ස්කැන්ඩිනේවියාව, ජපානය, කොරියාව, පෝලන්තය සහ නෙදර්ලන්තය සදහා මහජන සබදතා සමාගම් පත් කිරිම වැනි කටයුතු මේ සදහා සිදු කිරීමට අපේක්ෂිතයි. මීට අමතරව ශ්‍රී ලංකාවට ආවේණික සුවිශේෂි ඉසව් ඇතුළත් ක්‍රියාකාරකම් සංවිධානය කිරීම ද මේ යටතේ සිදු කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya