මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බංගලාදේශ ‘ශදිනොටා’ (SHADHINOTA) නෞකාව දිවයිනෙන් පිටත්ව යයි

    මාර්තු 06, 2020

     දිවයිනට පැමිණි බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘ශදිනොටා’ (SHADHINOTA) නෞකාව මාර්තු 05 දිවයිනෙන් පිටත්ව යන ලදී.

     

    ඒ අනුව, දෙරටේ සහයෝගීතාවය වර්ධනය කර ගැනීමේ අරමුණින් පැමිණි මෙම නෞකාව දිවයිනේ රැදී සිටි කාල සීමාව තුළදී නෞකාවේ නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ විවිධ වැඩසටහන් කිහිපයකට ද සහභාගී විය. එහිදී දෙරටේ දැනුම සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමට එම වැඩසටහන් ඉවහල් වූ අතර, එය බංගලාදේශ නෞකාවේ නිලධාරීන් සහ නාවිකයින්ගේ ප්‍රශංසාවට ද ලක් විය.

    එසේම, සාර්ථක තෙදින නිල සංචාරය නිමා කරමින් මාර්තු 05 දිවයිනෙන් පිටත් වූ බංගලාදේශ නෞකාව වෙත නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සමුදීම සිදු කෙරිණි.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya