මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහමැතිවරණය සඳහා මුදල් සපයා ගැනීම අභියෝගයක් නොවේ - අමාත්‍ය බන්දුල ගුණවර්ධන

    මාර්තු 05, 2020

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාට පැවරෙන බලතල ප්‍රකාර ව සාධාරණ සාමකාමී මැතිවරණයක් පැවැත්වීම සඳහා ජනාධිපතිවරයාට අවශ්‍ය මුදල් ලබා ගැනීමේ කිසිඳු අභියෝගයක් නොමැති බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.

    ඒ මහතා මේ බව කියා සිටියේ, අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී, පසුගිය ජනාධිපතිවරණයේ දී මැතිවරණ රාජකාරි කටයුතු කළ නිළධාරීන්ට ගෙවීම් කටයුතු කිරීම සඳහා කෝටි 02 ක පමණ මුදලක් අවශ්‍යව ඇති බව මැතිවරණ කොමසාරිස්වරයා පවසා ඇති විටෙක, ඉදිරි මහමැතිවරණය සඳහා ද මුදල් සපයා ගැනීම රජයට අභියෝගයක් වනු ඇති ද යන්න මාධ්‍යවේදියෙකු විසින් ප්‍රශ්න කළ අවස්ථාවේ දී ය.

     

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාට පැවරී තිබෙන බලතල අනුව මාස 06ක් යන තුරු අවශ්‍ය වියදම් අනුමත කර ගැනීම මෙන්ම වියදම් දැරීම සඳහා ද ඒකාබද්ධ අරමුදලෙන් කිසිඳු අවහිරයකින් තොරව මුදල් ලබා ගත හැකි බවත්  අමාත්‍යවරයා කියා  සිටියේ ය.


    ඊට අවශ්‍ය මුදල් ලබා ගැනීමට අදාළ රාජකාරිමය කටයුතු ජනාධිපති ලේකම්වරයා විසින් සිදු කරනු ඇතැයි ද කියා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya