මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්වර්ණාභරණ නිෂ්පාදන ශිල්පීන්ට ඉදිරියේදී සහන මිලකට රත්‍රන් ලබාදීමේ වැඩපිළිවෙළක්

    පෙබරවාරි 29, 2020

     

    ඉදිරියේදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට තීරු බදු රහිතව රත්‍රන් ආනයනය කිරීමේ ඉඩකඩ ලබා දී එම අධිකාරියේ නිර්දේශ යටතේ ස්වර්ණාභරණ නිෂ්පාදනයේ යෙදී සිටින ශිල්පීන්ට සහන මිලකට රත්‍රන් ලබා දීමේ වැඩපිළිවෙළක් නුදුරේදීම ඇති කරන බව කර්මාන්ත හා සැපයුම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

    පසුගිය දා බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති ස්වර්ණාභරණ නිෂ්පාදන ශිල්පීන්ගේ ජාතික සමුළුවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

    ඉහත කටයුතු සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට මේ වන විටත් කටයුතු යොදා ඇතැයි වීරවංශ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
    ලංකාව පුරා විසිරි සිටින සුළු පරිමාණ ස්වර්ණාභරණ ශිල්පීන්ට මෙමගින් ඉමහත් සහනයක් සැලැසෙනු ඇති බවත් ඒ පිරිස විධිමත් ලෙස හඳුනාගෙන ඔවුන් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ලියාපදිංචි කොට නිල හැඳුනුම්පත් ලබා දීමේ කටයුත්ත මෙම ජාතික සමුළුවේ අරමුණ බව ද වීරවංශ මහතා සඳහන් කළේය.

    මෙතෙක් කලක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මැණික් නිෂ්පාදකයාට මුල් තැනක් දුන් බව පෙනී ගියද අද සිට එම තත්වය වෙනස් වන බවටත් ඉදිරියේදී ස්වර්ණාභරණ ශිල්පීන් දරුවකු සේ රැක ගැනීම එම අධිකාරිය විසින් සිදු කරනු ඇති බවටත් වීරවංශ අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

    ජාත්‍යන්තර ප්‍රදර්ශනවලදී ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් ලබා ගන්නා අවකාශය සුළු පරිමාණ ස්වර්ණාභරණ නිෂ්පාදනයෙහි යෙදී සිටින විශිෂ්ට නිර්මාණකරුවන්ට ලබා දීමට මැදිහත් වන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි පනත යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව ඉදිරියේදී මෙම කර්මාන්ත කෂේත්‍රයේ නියලී සිටින නිෂ්පාදනකරුවන්ට කාරක ප්‍රාග්ධනය ලබා දීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව ද වීරවංශ අමාත්‍යවරයා පවසා සිටියේය. එසේම පසුගිය වසර හතරහමාර පුරා සිදුවූ කර්මාන්ත කෙෂ්ත්‍රයේ බිඳ වැටීම හේතුවෙන් ණය බරින් මිරිකී සිටින ස්වර්ණාභරණ නිෂ්පාදන ශිල්පීන්ට සහන සැලසීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.

    මෙම අවස්ථාවට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති අමිත ගමගේ සහ අධ්‍යක්ෂ ජෙනරාල් ගාමිණි ජයනන්ද වලේබොඩ යන මහත්වරු ද එක්ව සිටියහ. මෙහිදී අධිකාරියේ ලියාපදිංචි වූ ස්වර්ණාභරණ නිෂ්පාදන ශිල්පීන්ට හැඳුනුම්පත් හා උපකරණ කට්ටල් ප්‍රදානය ද අමාත්‍යවරයා අතින් සිදු කෙරිණි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya