මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුවේ වැඩි බලයක් සහිතව නව රජය පිහිට වු විගස ගුරු සියළු ගුරු ගැටළුවලට විසදුම්ලබාදෙනවා

    පෙබරවාරි 29, 2020

    රටේ ආර්ථිකයට දායකත්වය ලබා දෙන සුළු පරිමාණ කොන්ත්‍රාත්කරුවන් රැසක් අද වන විටත් මහත් අසීරුතාවයකට පත්ව ඇති බවත් ජනතාවට මහත් අසාධාරණයක් කරමින් විපක්ෂය පරිපූරක ඇසත්මේන්තුවට ගෙනා සංශෝධනයන්ට ඉඩ නොදුන් බවත් තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා අද(27) කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.

     

     එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මහබැංකු මංකොල්ලය සිදු වි අදට වසර 05ක් ගත වි ඇති අතර එම නඩුව ලබන මාර්තු මාසයේ නැවත විභාගයට ගන්නා බවත්,ඊට සම්බන්ධ සියලු පාර්ශවයන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි. ගුරු වර්ජනය පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ පාර්ලිමේන්තුවේ වැඩි බලයක් සහිතව නව රජය පිහිට වු විගස මේ සියළු ගැටලුවලට විසඳුම් ලබා දෙන බවයි.

     

    මැතිවරණයක් ප්‍රකාශ කිරිමට සිටින මොහොතක උපාධිධාරින් බඳවා ගැනිම පිළිබඳ ව මාධ්‍යව්දියෙකු අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ,උපාධිධාරීන් රැකියාවල අනුයුක්ත කර ගැනීමේ බලය දිසාපතිවරුන්ට පවරා ඇති බවයි.ඒ අනුව සම්මුඛ පරික්ෂණ පැවැත්විම සහ උපාධිධාරින් ඒ ඒ දිස්ත්‍රික්කවල රැකියා සඳහා අනුයුක්ත කිරිම මේ වන විටත් දිසාපතිවරු හරහා සිදුවෙමින් පවතින බව ද ඇමතිවරයා කීය.

    මේ අවස්ථාවට හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල් .පීරීස්.රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya