මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංවර්ධන නිලධාරී සේවයට නව සේවා ව්‍යවස්ථාවක් සකස් කර අවසන් කිරීමට උපදෙස්

    පෙබරවාරි 26, 2020

    සංවර්ධන නිලධාරී සේවයට නව සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීම අප්‍රියෙල් මස 30 වන දින වන විට නිම කිරීමට කටයුතු කරන්නැයි රාජ්‍ය පරිපාලන , ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අදාළ බලධාරීන්ට දැනුම් දී ඇත.

    අමාත්‍යවරයා සහ ප්‍රගතිශීලි වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිතයින් අතර හමුවක් එම අමාත්‍යංශයේදී පැවැත්වූ අතර එහිදී සාකච්ඡා කෙරුණු කරුණු අනුව මෙම තීරණය අමාත්‍යවරයා දැනුම් දී ඇත.

    සංවර්ධන නිලධාරීන්ට ප්‍රධාන වශයෙන් බලපාන සේවා ව්‍යාවස්ථාවක් නොමැති විම, නොගැලපෙන රාජකාරීන්හි යෙදවීම, නිසි කලට කාර්යක්ෂමතා කඩඉම් විභාග නොපැවැත්වීම මෙන්ම සංවර්ධන නිලධාරීන් ස්ථිර කිරීමේදී මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයින් විසින් අමාත්‍යවරයා දැනුවත් කරන ලදි.


    තම රජය බලයට පත්කිරීමේදී සංවර්ධන නිලධාරීන් විසින් ලබා දෙන ලද සහය පිළිබඳව රජයේ ස්තූතිය පිරිනැමු අමාත්‍යවරයා අදාළ සේවා ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුත්ත වෙනුවෙන් අමාත්‍යංශ අතිරේක ලේකම්වරයෙකුගෙන් සමන්විත කමිටුවක් කඩිනමින් පත්කිරීමට උපදෙස් දුන් අමාත්‍යවරයා මේ සඳහා ආයතන අධ්‍යක්ෂ ජනරාල්, කළමනාකරණ සේවා කමිටු නියෝජිතයකු, භාණ්ඩාගාරය නියෝජනය කරමින් නියෝජිතයෙකු පත් කර ගන්නැයිද පැවසීය.

    එමෙන්ම කාර්ක්ෂමතා කඩඉම් විභාග නිසි ලෙස නොපැවැත්වීම සම්බන්ධයෙන් අවධානය යොමුකල ජනක බණ්ඩාර අමාත්‍යතුමා අදාල විභාගය වසරකට දෙවතාවක් පවත්වා මෙකී ගැටලුවට විසඳුම් ලබා දීමට පියවර ගන්නා ලෙස
    උපදෙස් ලබා දෙන ලදි. එසේම රාජ්‍ය නිලධාරීන්ට විශාල ගැටලුවක් වූ දෙවැනි භාෂා විභාගය වෙනුවට පාඨමාලවක් හඳුන්වා දීම සඳහා වන කැබිනට් පත්‍රිකාව ලබන සතියේ තමන් ඉදිරිපත් කරන බවද පැවසූ අමාත්‍යවරයා අනවශ්‍ය දේශපාලන උසිගැන්වීම් වලට හසු නොවී තම රජය කෙරෙහි විශ්වාසයෙන් කටයුතු කරන්න යැයිද පැවසිය.


    මේ අවස්තාවට අමාත්‍යංශ ලේකම් එස් .හෙට්ටිආරච්චි, ඒකාබද්ධ අධ්‍යක්ෂ ජනරාල් සුමන ආලෝක බණ්ඩාර , ආයතන අධ්‍යක්ෂ ජනරාල් චන්දන කුමාරසිංහ යන මහත්වරු ඇතුලු පිරිසක් සහභාගී වූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya