මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වත්මන් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය මාර්තු 12 ව්‍යාපාරයේ පැසසුමට

    දෙසැම්බර් 05, 2019

    ඉදිරි වසර පහ ඇතුළත මේ රටේ දේශපාලන සංස්කෘතියේ යම් සාධනීය වෙනසක් ඇති කරන්නට වර්තමාන ජනාධිපතිවරයාට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වන බව මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවුම්කාර මණ්ඩලය වෙනුවෙන් රෝහණ හෙට්ටි ආරච්චි මහතා ඊයේ (04) පවසා සිටියේය.


    ඒ මහතා මේ බව කියා සිටියේ වර්තමාන දේශපාලන තත්ත්වය සහ මාර්තු 12 ව්‍යාපාරයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව කොළඹ දී පැවති ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

    වර්තමාන ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා දැනටමත් ගෙන ඇති ක්‍රියාමාර්ග කීහිපයක් තම ව්‍යාපාරයේ ඇගයුමට ලක්ව ඇති බව මෙහි දී සඳහන් වීය. කැබිනට් මණ්ඩලය දහසයක් දක්වා අඩු කිරීම පිළිබඳව මෙහි දී විශේෂයෙන්පැ සසුමට ලක් කෙරිණි. මෙය මින් පෙර කිසිඳු ජනාධිපතිවරයෙකු නොකළ ක්‍රියාමාර්ගයක් බව ද, දේශපාලනඥයෙකු නොවන අයෙක් ජනාධිපති වීම හරහා මෙම තත්ත්වය සිදු වන්නට ඇති බව ද කී ඒ මහතා රටේ ඉදිරි දැක්ම පිළිබඳ සුභවාදී බලාපොරොත්තු තිබෙන බව ද පැවසීය.
    එමෙන්ම, සමාජ විරෝධයන්ට ලක් වූ සහ මැතිවරණ වලින් පරාජය වූ ඇතැම් පුද්ගලයින්ට පාර්ලිමේන්තුවේ තනතුරු ලබා දීම පිළිබඳව ද මාර්තු 12 ව්‍යාපාරයේ නිරීක්ෂණයට ලක්ව ඇති බවත්, ඒ පිළිබඳව තම ව්‍යාපාරය ඉදිරි කාලයේ දී සමීප නිරීක්ෂණයකට ලක් කරන බවත්, පවත්නා දේශපාලන තත්ත්වය මත මාර්තු 12 ව්‍යාපාරයේ නිර්ණායකයන් සමාලෝචනය කිරීම සහ නව නිර්ණායකයන් ඇතිකිරීමටත්, එමඟින් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර නැවත මේ රටේ බරපතල සමාජ කතිකාවතක් ඇති කරන්නට සැළසුම් කරන බවත් හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය. පසුගිය ජනාධිපතිවරණයේ දී දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශන ඒකරාශී කර තිබෙන බවත් මෙහි දී ඒ මහතා කියා සිටියේය.

    එම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන ඕනෑම පුද්ගලයෙකුට මාර්තු 12 ව්‍යාපාරයේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බවත්, මාස හයෙන් හයට බලයට පත් වූ දේශපාලන පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය සමාජයට ඉදිරිපත් කිරීමට සැළසුම් කර ඇති බව මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටු සාමාජික සමන් කමල්ගොඩ මහතා මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් කියා සිටියේය.

    නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුව විසින් නීති කඩන දකුණු ආසියාවේ රටක් වේ නම් එම රට ශ්‍රී ලංකාව වන බවත්, ඊළඟ පාර්ලිමේන්තු සැසි වාරයේ පළමු කාර්යය ලෙස නියමිත ලෙස පැවැත්වීය යුතු පළාත් සභා මැතිවරණය ඉදිරි කාලය තුළ දී නිශ්චිත ආකාරයකට පැවැත්වීම සඳහා නිශ්චිත තීරණයක් ගනු ඇතැයි බලාපොරොත්තු වන බවත් මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටු සාමාජික මංජුල ගජනායක මහතා පවසන ලදී.


    එමෙන්ම, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාවට නැංවීමේ දී ඒ ඒ කාලවල සිටි නායකයින් විසින් තමන්ට අභිමත ආකාරයකට එය සිදු කරන්නට යාම තුළ ක්‍රියාත්මක වන ක්‍රමවේදය සහ පටිපාටීන් බිඳ වැටුණු බවත්, මෑත දශක ගණනාවක කාලය තුළ ගෙන බලන විට ශ්‍රී ලංකාව තුළ මනා පාලනයක් ඇතිකිරීමට නම් යහපත් නිර්ණායක සහ ක්‍රියාපටිපාටීන් රැසක් ගැබ් ව ඇති 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ජනිත කරන ලද ඇති කරනු ලැබූ කොමිසම් සභා කිහිපය සහ වෙනස්කම් අවශ්‍ය බව මෙහිදී සාකච්ඡාවට බඳුන් වීය.


    භාෂණයේ නිදහස අහිමි කිරීම පිළිබඳව පසුගිය කාලවල දී යම් යම් වාරණයට ලක් වූ බවත්, ජනාධිපතිවරයා විසින් ගෙන ඇති ක්‍රියාමාර්ගයන්ට මාධ්‍ය නිදහස සනාථ කිරීම ද ඇතුළත් වීම අවශ්‍යවන බව ද මාර්තු 12 ව්‍යාපාරය වෙනුවෙන් මංජුල ගජනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya