මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් සිසුන්ට නිල ඇඳුම් වවුචර් පත් ලබන වසර මුල සිට - උසස් පෙළ සිසුන්ගේ ප්‍රතිපාදන ඉහළට

    දෙසැම්බර් 05, 2019

    පාසල් සිසුන්ට සඳහා නිල ඇඳුම් වවුචරපත් ලබන පාසල් වාරය ආරම්භයේ දී ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර උසස් පෙළ පන්තිවල සිසුන්ට ලබාදෙන වවුචරපත්වල මුදල වැඩි කිරීමට ඇමැති මණ්ඩලය තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.

    රජය මෙම තිරණය ගෙන ඇත්තේ, උසස් පෙළ සිසුන් සඳහා වන නිල ඇඳුම් වවුචර් වලට ගෙවන ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව පෙනී ගිය නිසා බව රජයේ ප්‍රවාත්ති දෙපාර්තමේන්තුවේ අද(05) පැවැති කැබිනට් තිරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමතිවරයා කීය

    පාසල් සිසුන්ට වවුචර් වෙනුවට නිල ඇඳුම් රෙදි ලබාදිමට තමා අදහස් කළ නමුත් ඒ සඳහා රෙදි මිල දී ගැනීමට ප්‍රමාණවත් කාලයක් නොමැති වීම නිසා ලබන වසරට ද වවුචර්පත් ලබා දෙන බව ද ඒ මහතා පැවැසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya