මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අටවන ලද ජාකොටු තුළ සිරවී සිටි‍ කැස්බෑවන් 32 ක් මුදා ගැනේ

    නොවැම්බර් 25, 2019

    නාවික හමුදාව විසින් ( 24 වන දින )මන්නාරම, තාල්පාඩු සහ සවුත්බාර් අතර මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙයෙහුමකදී ජා‍කොටු තුළ සිරවී සිටි කැස්බෑවන් 32 දෙනෙකු මුදා ගැනීමට සමත් විය.

    ඒ අනුව, උතුරු මැද නාවික විධානය විසින් මන්නාරම, තාල්පාඩු සහ සවුත්බාර් අතර මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී ධීවරයින් විසින් අටවන ලද ජාකොටු කිහිපයක සිරවී සිටි කැස්බෑවන් කිහිපදෙනෙකු නිරීක්ෂණය කර ඇති අතර, ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව එම කැස්බෑවන් ඉන් මුදවා ගැනීමට පියවර ගෙන ඇත. එහිදී කැස්බෑවන් 32 දෙනෙකු ආරක්‍ෂිතව සාගරයට මුදා හැරීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

     තවද, වඳවී යන සත්ව විශේෂයක් ලෙස නම් කර ඇති කැස්බෑවන් වර්ග 07 ක් ලොව පුරා දැකිය හැකි වන අතර, එයින් වර්ග 05 කට අයත් කැස්බෑවන් ශ්‍රී ලංකා මුහුදු තීරයේදී දැක බලා ගත හැකිය. මෙම වඳවි යන සත්ව විශේෂය ආරක්‍ෂා කර ගැනීම සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක ‘නීල හරිත සංග්‍රාමය’ යටතේ කැස්බෑ සංරක්‍ෂණය සඳහා ද නාවික පුද්ගලයින් සිය දායකත්වය සැපයිමට නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya