මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංචාරකයින්ගේ ආකර්ශණය දිනාගත් හබරාදූව වෙරළ තීරය පිරිසිදු කිරීමට නාවික හමුදාව එක්වෙයි

    සැප්තැම්බර් 08, 2019

    නාවික හමුදාව විසින් වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ තවත් වැඩසටහනක් ඊයේ (සැප්තැම්බර් 07) දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශණය දිනාගත් හබරාදූව වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව පවත්වන ලදී.

    ඒ අනුව, දකුණු නාවික විධානය මඟින් සංවිධානය කරන ලද මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනේදී වෙරළ තීරයෙහි සුන්දරත්වයට හානිවන අයුරින් විසිරී තිබූ ප්ලාස්ටික් ඇතුළු කැලිකසල විශාල ප්‍රමාණයක් ඉවත් කර වෙරළ තීරය පිරිසිදු කිරීමට කටයුතු කරන ලදී.

    නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ නීල හරිත පාරිසරික සංකල්පය යටතේ නාවික හමුදාව විසින් දිවයින වටා වූ සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් මෙවැනි පරිසර හිතකාමි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya