මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ ගංවතුර පාලනයට භූ ගත උමං මාර්ගයක්

    සැප්තැම්බර් 08, 2019

    කොළඹ අගනගරය ආශ්‍රිත තදාසන්න ප්‍රදේශවල ඇති වන ජල ගැලීම් තත්ත්වය පාලනය කිරීම සඳහා මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු කොළඹ නව මුතුවැල්ල භූගත උමන් මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ විය.

    කොළඹ ආශ්‍රිතව ජිවත්වන ජනතාවට ඇතිවන සමාජයීය හා ආර්ථික බලපෑම අවම කිරීම අරමුණු කරගනිමින්මෙ ම උමන් මාර්ගය ඊයේ දිනයේ දී විවෘත කෙරිණි.

    මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය (Metro Colombo Urban Development Project) මඟින් ක්‍රියාවට නංවනු ලබන මෙම දැවැන්ත ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුළු පිරිවැය රුපියල් මිලියන 3,650 කි.


    මෙම උමං මාර්ගය අලුත් මාවත ප්‍රධාන ඇළ මාර්ගයට සම්බන්ධ කරමින් ඇරඹෙන අතර නව මුතුවැල්ල ප්‍රදේශය හරහා භූගත ව ගමන් කර මුතුවැල්ල ධිවර වරාය අසලින් මුහුදට විවෘත වේ. උමගේ විශ්කම්භය මීටර් 03 ක් වේ. මීටර් 760 ක දිගකින් යුක්තවන උමං මාර්ගයේ ආරම්භක කොටස කෙටි විවෘත ඇළ මාර්ගයක් ලෙස ඉදිවන අතර පසුව භූ ගත උමං මාර්ගයකට එක් වේ. එමඟින් තත්ත්පරයට ජලය ලීටර් 15,000 ක් මුහුදට මුදාහැරිය හැකි බව සඳහන් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya