මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බ්‍රිතාන්‍ය ජාතික ඩේවිඩ් ලින්සි මහතා ජනපති හමු වෙයි

    සැප්තැම්බර් 07, 2019

    පාස්කු ඉරිදා එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් විදේශීකයන් රැසකට ද අමිහිරි මතක රැසක් ඉතිරි කෙරිණි. ඇතැමෙකුට තම දරුවන්, සොහොයුරන් මෙන්ම ඥාතීන් අහිමි වුව ද ඔවුන් තවමත් ශ්‍රී ලංකාව පිළිබඳව පසුවන්නේ සුබවාදී ආකල්පයකිනි.

    පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ගේ ජීවිත නඟා සිටුවීම වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ අරමුදලක් ස්ථාපිත කිරීම ඊට කදිම නිදසුනකි.

    තම පියාණන් සමග ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටිය දී බ්‍රිතාන්‍ය ජාතික 19 හැවිරිදි ඩැනියෙල් ලින්සි සහ 15 හැවිරිදි අමෙලි ලින්සි පාස්කු ඉරිදා ප්‍රහාරයට ලක්ව අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමු ගත්හ.

    පාස්කු ඉරිදා ඛේදවාචකයෙන් තම නැගණිය සහ සොහොයුරා මෙලොව හැරගිය ද ඉන් විපතට පත් ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් හරවත් යමක් කිරීමට ඔවුන්ගේ වැඩිමහල් සොහොයුරා වූ සරසවි ශිෂ්‍යයෙකු වන 21 හැවිරිදි ඬේවිඩි ලින්සි තීරණය කළේය.

    ඒ අනුව “දී අමෙලි ඇන්ඩ් ඩැනියෙල් ලින්සි” පදනම ස්ථාපිත කෙරුණු අතර ප්‍රහාරයෙන් විපතට පත්වූ මෙරට පවුල්වලට උපකාර කිරීම හා සෞඛ්‍ය පහසුකම් ඉහළ නැංවීම එහි අරමුණයි.

    එම පදනම් හරහා එක් රැස් කර ගන්නා ලද මුල්‍යධාර රැගෙන දිවයිනට පැමිණ සිටින ඬේවිඩි ලින්සි මහතා  (06) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා හමු වී තම වැඩපිළිවෙළ පිළිබඳව එතුමා දැනුවත් කළේය.

    කොළඹ, මඩකලපුව සහ මීගමුව රෝහලවල හදිසි වෙද්‍ය උපකරණ අවශ්‍යතා සම්පාදනය කිරීමට ද මෙම පදනම හරහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මකය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා ද මෙම අවස්ථාවට එක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya