මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් හත්දෙනෙකු අත් අඩංගුවට

    අගෝස්තු 14, 2019

    නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් හත්දෙනෙකු (07) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අගෝස්තු 12 නාවික හමුදා බාරයට ගෙන ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

    උතුරු නාවික විධානය මඟින් ඩෙල්‍‍ෆ් ප්‍රදිපාගාරයට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී සිදු කරනු ලැබු මුර සංචාරයක් අතරතුරදි නීති වි‍රෝධි ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටියදී මොවුන් මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇත.


    ඒ අනුව, නාවික හමුදා බාරයට ගත් ඉන්දීය ධීවරයින් සහ ට්‍රෝලර් යාත්‍රාව ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්ථමේන්තුව වෙත බාරදීමට කටයුතු කර ඇති අතර, පසුව ධීවරයින් සහ ට්‍රෝලර් යාත්‍රාව ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී.

    නාවික බාරයට පත් පුද්ගලයින් වයස අවුරුදු 18, 20, 26, 42 සහ 47 වන වියෙහි පසුවන අයවළුන් බව හඳුනාගෙන ඇති අතර, එම ධීවරයින් පිරිස වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධිවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට නියමිතය.

    තවද, ශ්‍රී ලංකාවට අයත් මත්ස්‍ය සම්පත සුරක්‍ෂිත කිරීම උදෙසා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන අඛණ්ඩ මෙහෙයුම් හේතුවෙන් මෙවැනි නීති විරෝධී ක්‍රියාවන් මැඩපැවැත්විමට හැකියාව ලැබි ඇති අතර, මෙවැනි ක්‍රියාවන් සම්බන්ධයෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටින බව ද නාවික හමුදාව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya