මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු ජනතාවට ඉඩම්වල සින්නක්කර අයිතිය ලැබෙනවා

    මාර්තු 18, 2019

    ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට කැබිනට් අනුමතිය ලැබී ඇති බවත් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් අනතුරුව ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමට හැකි වන බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (18) පාර්ලිමේන්තුවේ දී ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයේ දී මේ බව පැවසීය.

    අමාත්‍යාංශය දකින්නේ මාතෘ භූමියේ සංවර්ධන පෙරහැරේ කසකරුවා ලෙසයි. ඕනෑම සංවර්ධන කටයුත්තක්ද එම භූමියට පය ගසන්නේ ඉඩම් නිලධාරීන්. ඉඩම් කියන්නේ ඉතා සංකීර්ණ විෂයක්.මන්නාරමට මිණින්දෝරු ශාඛාවක් ලබාදුන්නා. ඉඩම් විශේෂ විධිවිධාන පනතට කැබිනට් අනුමැතිය ලබුණා. එය පාර්ලිමේන්තුවේ සම්මත වුණාම සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමේ මැතිවරණ පොරොන්දුව ඉටු කරගැනීමට හැකි වෙනවා.

    නූතන ලෝකයට ගැලපෙන ලෙස ඉඩම් පනත් සංශෝධනය වෙනවා. ඒ නිස ඉඩම් ආඥා සංශෝධන පනත සංශෝධනය විය යුතුයි. සංශෝධන ගෙනවට පස්සේ ඉඩම් අයිතිය වැඩිමල් දරුව ඇතුළු සියලු දරුවන්ට බෙදිලා යන ලෙස සංශෝධනය මඟින් බලාපොරොත්තු වෙනවා. සංශෝධනය මඟින් ඉඩමේ පූර්ණ අයිතිය ජනතාවට ලැබෙනවා.

    සංශෝධනය මඟින් පවතින ඉඩම් ගැටළු රාශියකට විසඳුමක් ලබාදීමට හැකියාව ඇති වෙනවා. දසලක්ෂයක් ඉඩම් ඔප්පු  ලබාදීම අපේ එක් මතිවරණ පොරොන්දුවක්.දස ලක්ෂයේ ඉඩම් ඔප්පු ලක්ෂ 2ක් ලබාදීමට සමත් වී තිබෙනවා.

    ලබන 22 දින පුත්තලමේ දී ඉඩම් ඔප්පු ලබාදෙනවා. අම්පාරේ තවත් 3000ක් ලැස්තියි. ත්‍රීකුණාමලයේ දෙදහසකට ලබාදෙනවා. නුවර එළියේ 2000කට ලබාදෙනවා. නාවළපිටිය 1000ක් සූදාම් කර තිබෙනවා. මේ කඩිනම් වැඩපිළිවෙල ඉදිරියට ක්‍රියාත්මක කරනවා. රෝහල්,පොලීසි,ආගමික ස්ථානවලට ඉඩම් ඔප්පු නෑ. රාජ්‍ය ආයතනවලට ඔප්පු ලබාදීමට කටයුතු කළා. ආගමික ස්ථානවලට පූජා ඔප්පු ලබාදීමට කටයුතු කළා. ළඟදීම පන්සල් ගණනාවකට පූජා ඔප්පු ලබාදීමට කටයුතු කරනවා. ඔප්පු ලබාදීම ජනතා හිත්වල සටහන් වී තිබෙනවා. ජනතාව දෑසේ කඳුළු සමඟ ඔප්පු ලබාගත්තා දැක්කා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya