නොවැම්බර් 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදා සහන ලබාදීමට ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල අද සහ හෙට විවෘතයි

    දෙසැම්බර් 02, 2017

    අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නිවාස හා දේපළවලට හානි සිදුව ඇති දිස්ත්‍රික්කයන් හි දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සියල්ල සෙනසුරාදා සහ ඉරිදා දිනයේ දී විවෘතව තබන බවත් හානියට පත්වූවන් සඳහා වන්දි මුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලබාදෙන බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි නිවාඩු දිනවල දී ද දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල විවෘතව තබන ලෙස අදාල දිසාපතිවරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීල් ද අල්විස් මහතා නියෝග නිකුත් කළේය.


    එම උපදෙස් අනුව මෙතෙක් වාර්තා වී ඇති නිවාස හානි සඳහා වන්දි මුදල්වලින් අත්තිකාරම් මුදලක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලබා ගැනීමේ අවස්ථාව පීඩාවට පත් ජනතාවට
    හිමිවෙයි. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා මෙසේ ද කීවේය.

    විපතට පත්ව සිටින ජනතාවට ඉතා ඉක්මණින් තම සාමන්‍ය කටයුතු යථා තත්ත්වයට පත්කරගැනීමට අපි සහයෝගය දිය යුතුයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලැබුණු උපදෙස් අනුව  අද (02) දිනයේ දී ම ඔවුන්ගේ හානි සඳහා ලැබිය යුතු වන්දි මුදලින් කොටසක් ලබාදීමට කටයුතු කර තිබෙනවා. මේ මුදල ලබාදෙන්නේ කඩිනම් අවශ්‍යතා ඉටු කරගැනීමට ලබා දෙන
    අත්තිකාරමක් ලෙස. හානිය තක්සේරු කරලා ඉදිරියේ දී කඩිනමින් නියමිත වන්දි මුදල ලබාදීමට අපි කටයුතු කරනවා. මේ සඳහා හෙට දිනයේ ආපදා වාර්තා වී ඇති සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා අදාල දිස්ත්‍රික් ලේකම් කාර්යාලත් විවෘතව තබනවා. 
    අමාත්‍යවරයා පවසන්නේ ආපදා හේතුවෙන් මියගිය තිදෙනකු සඳහා අද රුපියල් ලක්ෂය බැගින් ලබාදුන් බවයි. හෙට දිනයේ දී මියගිය අනෙක් පුද්ගලයන් වෙනුවෙන් ද රුපියල් ලක්ෂය බැගින් ලබාදීමට කටයුතු සූදානම් කර තිබේ.
    මේ පිළිබඳ අදහස් දැක්වූ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීල් ද අල්විස් මහතා මෙසේ කීවේය.


    අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාත්, රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යාංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතාත් සමග සාකච්ඡා කරලා අපි තීරණයක් ගත්තා හෙට දිනයේ ම වන්දි මුදලින් කොටසක් නිවාස හානි සිදුවූ අයට ලබාදීමට. ඒ සඳහා ආපදා සිදුවී වන්දි ගෙවීමට අවශ්‍ය දිස්ත්‍රික්කයන්වල රාජ්‍ය බැංකු විවෘතව තැබීමටත් තීරණයක් අරගත්තා. එමෙන් ම ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් කිංස්ලි ප්‍රනාන්දු මහතා මේ සඳහා අවශ්‍ය මුදල් දිසාපතිවරුන්ට ලබාදීමට කටයුතු කර තිබෙනවා. ස්වදේශ කටයුතු අමාත්‍යවරයා පවසන්නේ යම් ආපදාවක් සිදුවුවහොත් ඒ බව ක්ෂේත්‍ර නිලධාරීන් මගින් ප්‍රාදේශීය ලේකම්වරයාට හෝ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ 1902
    හදිසි ඇමතුම් අංකයට කඩිනමින් දැනුම් දෙන ලෙසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya