සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සේවකයින්ට ඩෙංගු පරීක්ෂා කිරීමේ නීති රීති සංශෝධනයට පියවර

    මාර්තු 02, 2017

    බස්නාහිර පළාත සදහා ඩෙංගු මදුරු මර්දන සහායකයින් 500 ක් බදවා ගැනීමේ උත්සවය ඊයේ (01) බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතන ආයතනයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

    මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - "ඩෙංගු රෝගය මර්දනය කිරිම සදහා ඔබ සැම බදවාගෙන ඇත්තේ කැබිනට් මණ්ඩල අනුමැතියට අනුවයි. ඩෙංගු රෝගියෙකු හමු වූ පසු මිටර් 200 ක ප්‍රදේශයක ධූමායන කටයුතු සිදු කළ යුතුයි. වර්තමානයේ ඩෙංගු සහ එචි.අයි.වී රෝගීන් වැඩි වශයෙන් වාර්තා වුවත්, දකුණු අසියානු කළාපයේ එචි.අයි.වී රෝගීන් හමුවන අඩුම රට ශ්‍රී ලංකාවයි. එචි.අයි.වී රෝගීන්ගේ සංඛ්‍යාව අවම කිරීම සදහා සංචාරක කළාප වල විවිධ වැඩසටහන් ආරම්භ කර තිඛෙනවා.”

    "ඩෙංගු මර්දන කටයුතු සදහා අවශ්‍ය උපකරණ විදේශීය රටවලින් පසුගියදා ආනයනය කර ඛෙදා දී තිබෙනවා ධූමායන කටයුතු නිසි අයුරින් සිදු කිරීම සදහා. සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබදව අවබෝධයක් ඇතිව මම අමාත්‍යධූරය බාරගත්තේ. ඔබට අපහසුකම් ඇති වෙන්න පුළුවන්. ඩෙංගු මදුරු මර්දන වැඩසටහන නිවැරදිව ක්‍රියාත්මක කිරීමේ දී මතුවන ගැටළු අපට දන්වන්න. වර්තමානයේ තිඛෙන්නේ යහපාලනයයි. එම පාලනයේ දී ජනාධිපතිවරයාටවත් අනවශ්‍ය දේවල් කරන්න බැහැ. ස්වාධින ආයතන තිඛෙනවා.”

    "රැකියාව ස්ථීරවීම, මුලික වැටුප ගැන සොයන්න එපා. පියවරෙන් පියවර ඉදිරියට යන්න. මාස 04 ක් වැනි කාලයක් තුල බස්නාහිර පළාතේ ඩෙංගු මර්දනය සිදු කරන්න පුළුවන් නම් එය ලොකු ජයග්‍රහණයක්. ලෝක සෞඛ්‍ය  සංවිධානයට පවා එම ජයග්‍රහණය දැනුම් දී ඔබලාට සහන ලබාදෙන්න පුළුවන්. නැතිනම් ඩෙංගු මදුරු මර්දන සහායකයින් 500 ක් පත් කර ඩෙංගු අඩු නොවුනොත් ප්‍රශ්නයක් ඇති වෙයි. එම නිසා අපට සහයෝගය ලබාදෙන්න.”

    "ඩෙංගු මර්දනයේ නීති රීති වෙනස් කර තිඛෙනවා. ඩෙංගු මදුරු මර්දන කටයුතු වල නියුතු රාජ්‍ය සේවකයින්ට අවසරයකින් තොරව නිවාස පරික්ෂා කිරීමට, ගෙවතු පරීක්ෂාවට මෙමගින් අවස්ථාව උදාවෙනවා. ජනතාවගෙන් එන විරෝධතා අඩුවෙයි කියා මම බලාපොරොත්තු වෙනවා. ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යන්නන්ට අධිකරණයෙන් ලබාදෙන දඩ මුදල රුපියල් 5000 සිට 25,000 දක්වා වැඩිකර තිඛෙනවා. නිවාස වල ශීතකරණ, මල්පෝචිචි පවා පරික්ෂා කරන්න. අද කොළඹ 07 ත් ඩෙංගු තිඛෙනවා. සෑම තැනක්ම පරීක්ෂාවට ලක් කරන්න.” යැයි ද වැඩිදුරටත් පැවැසීය.

    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා, සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය, බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍ය සුමිත් ලාල් මෙන්ඩිස් මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya