සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වායුගෝල කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයක්

    මාර්තු 02, 2017

    ශ්‍රී ලංකාව ආසන්න වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී (විශේෂයෙන් මාර්තු 02 සිට 04 දින දක්වා) දිවයිනේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ  හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    දිවයින හරහා සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තරමක් තද සුළං බලාපොරොත්තු විය හැක.

    දිවයිනේ බොහෝ ප්‍රදේශ වල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. නැගෙනහිර,ඌව, උතුර සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථාන වල (මි.මී 100ට වැඩි)  තද වැසි ද  ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya