සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සහල් මිල ඉහළ යාම පාලනයට සතොස මඟින් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙන්වීමට යයි

    මාර්තු 01, 2017

    සහල් හිඟය සහ සහල් මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා තවත් සහල් මෙට්‍රික් ටොන් 100,000ක් වෙනත් රජයකින් මිලදී ගෙන සතොස මඟින් ආනයනය කිරීමටත් තීරණය කර තිබේ.

    මේ අනුව මසකට සහල් මෙට්‍රික්ටොන් 20,000 බැගින් මෙම සහල් තොග සතොස මඟින් ආනයකය කිරීමට කැබිනට් මණඩලය ඊයේ (28) තීරණය කොට ඇත්තේ කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍ය රිසාඩ් බදියුදීන් මහතා ඉදිරිපත් කළ යෝජනාවක් අනුමත කරමිනි.

     

    මීට පෙර කැබිනට් මණ්ඩලය ලබාදුන් අනුමැතිය අනුව පෞද්ගලික අංශය මඟින් සහල් මෙට්‍රික් ටොන් 11,3000ක් ආනයනය කරනු ලැබූ නමුත් ඊට සමගාමීව දේශීය වෙළෙඳපොළේ සහල් මිල පහළ ගොස් ඇත්තේ ඉතා සුළු වශයෙන් යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.

     

    සතොස මඟින් තවත් සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයක කරනු ලබන්නේ සහල් ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යාමට සහ වෙළෙඳපොළේ පවතින සහල් හිඟය නැති කොට සහල් මිල පාලනය කිරීමේ අරමුණින් බව ද සේනාරත්න මහතා වැඩිදුරටත් කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya