සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කළුතර බන්ධනාගාර බස්රථයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් නිවේදනයක්

    මාර්තු 01, 2017

    කළුතර බන්ධානාගාර රැඳවියන් ප්‍රවාහනය කරමින් තිබූ අවස්ථාවේදී එම බස් රථ වෙත එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතු රජයක්  ලෙස අවශ්‍ය සියලු පියවර ගන්නා බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    එම සම්පූර්ණ නිවේදනය පහත සඳහන් වේ.

    "2017.02.27 වන දින කළුතර බන්ධනාගාර රැඳවියන් ප්‍රවාහනය කරමින් තිබුණු බස් රථ දෙකකට එම බන්ධනාගාරය ආසන්නයේදී අවිගත් නාදුනන කණ්ඩායමක් විසින් සිදුකරන ලද වෙඩි තැබීම හේතුවෙන් රැඳවියන් පස්දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්වූ අවාසනාවන්ත සහ බරපතල සිදුවීම පිළිබඳව කණගාටුව පළ කරමි.

    ව්‍යවස්ථාපිත නීතිමය රාමුව යටතේ බන්ධනාගාර ගත සැකකරුවන්ගේ භාරය සහ ආරක්ෂාවේ සම්පුර්ණ වගකීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත පැවරෙන අතර දරුණු ගණයේ සැකකරුවන් ප්‍රවාහනයේදී ඔවුන්ගේ ආරක්ෂාව උදෙසා පොලිස් නිලධාරීන්ගේ සහාය ලබාගන්නා ලෙස උපදෙස් ලබාදී ඇත.

    මෙවැනි සැකකරුවන් ප්‍රවාහනයේදී පිළිපැදිය යුතු ආරක්ෂක ක්‍රම විදිවිධානයන් පිළිබඳවද පොලිස් නිලධාරීන් සහ බන්ධනාගාර නිලධාරීන් වෙත අවශ්‍ය පුහුණුව මෙන්ම ස්වයංක්‍රිය ගිනි අවි ලබාදී තිබියදී මෙවැනි අවාසනාවන්ත සිද්ධීන් පිළිබඳව ශ්‍රී ලංකා පොලීසියට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට තාම සාමුහික වගකීමෙන් මිදීමට නොහැකිවනු ඇත.

    බන්ධනාගර දෙපාර්තමේන්තුව භාර අමාත්‍යවරයා විසින් මෙම සිදුවීමේ වගකීම ශ්‍රී ලංකා පොලීසිය වෙත පවරා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වගකීම විතැන් කිරීමට කටයුතු කිරීම වෙනුවට ප්‍රධාන ආයතනවල වගකීම, කාර්යභාරය සහ අඩුපාඩු හඳුනාගෙන එවැනි අවස්ථාවන්ට සාර්ථකව මුහුණදීමට කටයුතු කරනු දැකීම මහජනයාගේ අපේක්ෂිත යථාර්තය වන බව පසක්කර ගනිමින් එහි වගකීම අදාළ සියලු පාර්ශවයන් භාරගත යුතුය.

    මෙම ප්‍රහාරයට සාර්ථකව මුහුණදීමට හෝ එය වැලක්වීමට අවශ්‍ය කටයුතු නොකිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා පොලීසියේ අදාළ නිලධාරීන් පිළිබඳව පියවර ගැනීමට සහ ප්‍රහාරයට වගකිව යුතු සැකකරුවන් කඩිනමින් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා අප වගකිව යුතු රජයක් වශයෙන් නොපිරිහෙලා අවශ්‍ය සියලුම පියවර ගැනීමට බැඳී සිටී."

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya