සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුව ඇමැති නියෝගයෙන් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන්ට ස්ථාන මාරුවීම්

    මාර්තු 01, 2017

    බන්ධනාගාර රෝහලේ සියළුම වෛද්‍යවරුන්ට ස්ථාන මාරුවීම් ලබාදෙන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා ii) අමල් හර්ෂ ද සිල්වා මහතාට දැනුම් දී ඇත.

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ආයතන ප්‍රධානීන්ගේ රැස්වීම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති අතර, එහිදී මෙම නියෝගය ලබා දෙන ලදි.


    විවිධ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වන දේශපාලනඥයින් බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමට එම රෝහලේ වෛද්‍යවරයෙකුගේ සහයෝගය ලැඛෙන බවට නැගෙන චෝදනා මත එම අදාල වෛද්‍යවරයාට ස්ථාන මාරුවීම් ලබාදෙන ලෙස මීට පෙර නියෝග කරන ලදි.

    එම ස්ථාන මාරුවීම ලබා දී ඇතත්, අදාල වෛද්‍යවරයා තවමත් බන්ධනාගාර රෝහලේ සේවය කරන බව ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමෙි දී කරුණු අනාවරණය විය. ඒ හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා අදාල තීරණය ගත් අතර, බන්ධනාගාර රෝහලට වෙනත් වෛද්‍යවරුන් යොමු කරන ලෙස ද නියෝග කෙරුනි.


    ස්ථාන මාරුවීම් ලබා දී එය සැළකිල්ලට නොගත් වෛද්‍යවරයාට විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා ii) අමල් හර්ෂ ද සිල්වා මහතාට දැනුම් දෙන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya