සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ කරන ඖෂධ ලබාදීමට වෛද්‍යවරුන් බැදී සිටිනවා

    මාර්තු 01, 2017

    පිළිකා රෝගීන් සදහා ලබාදෙනු ලබන නිර්දේශිත ඖෂධ වර්ගයන් සියළුම විශේෂඥ වෛද්‍යවරුන් රෝගීන්ට ලබාදෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශයේ පැවැති ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමේ දී  අනාවරණය වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    නිර්දේශිත ඖෂධ වර්ග මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරුන් කිහිපදෙනෙකු ලබා නොදෙන බව මාධ්‍ය ඔස්සේ පසුගියදා අනාවරණය කරන ලදි.

    පිළිකා රෝගීන් සදහා රුසියාවෙන් ආනයනය කළ ඖෂධයක් මෙලෙස රෝගීන්ට ලබාදීම වෛද්‍යවරුන් විසින් ප්‍රතික්ෂේප කර තිබුනි.

    එම පිළිකා ඖෂධය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආනයනය කරනු ලැබුවේ මෙතෙක් භාවිතා කළ පිළිකා ඖෂධයට ආදේශකයක් ලෙසිනි. මෙතෙක් භාවිතා කළ පිළිකා ඖෂධය රුපියල් දෙලක්ෂ 85,000 ක් වන අතර, රුසියාවෙන් ආනයනය කරන ලද ඖෂධය රුපියල් එක්ලක්ෂ 40,000 ක් වෙයි.

    රුසියාවෙන් ආනයනය කළ ඖෂධ භාවිතා නොකරන පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් නිදහසට කරුණු විමසා පරීක්ෂණයක් සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගියදා නියෝග කරන ලදි.

    එම පරීක්ෂණයේ ප්‍රගතිය පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශ ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා විමසා සිටියේය.

    එහිදී මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ විල්ෆ්‍රඩි කුමාරසිරි මහතා ප්‍රකාශ කර සිටියේ අදාළ නිර්දේශිත ඖෂධ සියළුම වෛද්‍යවරුන් ලබාදෙන බවයි.

    සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ කරන ඖෂධ ලබාදීමට වෛද්‍යවරුන් බැදී සිටින බවත්, එවා ප්‍රතික්ෂේප කිරීමට හැකියාවක් නොමැති බවත්, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා  ප්‍රකාශ කළේය.

    එවැනි ප්‍රතික්ෂේප කිරීම් පෞද්ගලික වෛද්‍ය සේවා සිදු කිරීමේ දී ක්‍රියාත්මක කරන ලෙසත්, නිදහස් සෞඛ්‍ය සේවාවෙන් අසරණ රෝගීන්ට සෙත සැළසෙන බව වෛද්‍යවරුන් මතක තබා ගත යුතු බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya