සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙනස් වන ලෝකයට අනුව සිදුකළ යුතු වෙනස්කම් සිදු කළ යුතුයි - අධ්‍යාපන ඇමැති

    මාර්තු 01, 2017

    සීග්‍රයෙන් වෙනස් වන ලෝකය තුළ අනාගතය ජයගත හැකි අයුරින් සිදුකල යුතු වෙනස්කම් අදම සිදු කිරීමට පියවර ගත යුතු බවත් විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ එම වෙනස්කම් සිදුකිරීමට වර්තමානයේ අප කටයුතු නොකළහොත් අනාගතයේදී දරුවන් අපට දොස් පවරනු ඇති බවද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    පාසල් නිල ඇඳුම පවා වෙනස් වියයුතු කාලය එලඹ ඇති බව සඳහන්කල ඇමතිවරයා සම්ප්‍රධායික රාමුව තුල කොටුවී සිට තීන්දු තීරණ ගැනීමෙන් ඔබ්බට ගොස් අනාගතය ජයගත හැකි ගුණාත්මක බවින් ඉහල තීන්දු තීරණ ගැනීමට තමන් කිසි විටෙකත් පසුබට නොවන බවද අවධාරණය කළේය.

     

    ඉදිරියේදී ගර්භනී ගුරුවරියන්ට පහසු ඇඳුමක් හඳුන්වා දීමට අදහස්කර ඇති බවද පැවසු අමාත්‍යවරයා ප්‍රායෝගිකත්වයට මුල්තැන ලබාදෙමින් කටයුතු කිරීමේ අවශ්‍යතාවයද සිහිපත් කළේය.

     

    ඒ කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ඉදිකිරීමට නියමිත ශ්‍රවණාගාරය සඳහා මුල්ගල තැබීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි. මේ අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ , පළාත් අමාත්‍ය ලක්ෂ්මන් වෙඬරුව ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya