සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශිය මල් වගාකරුවන් දිරිමත් කිරීමේ විශේෂ වැඩසටහන අද මොණරාගලින් ඇරඹේ

    පෙබරවාරි 28, 2017

    දේශිය මල් වගාකරුවන් දිරිමත් කිරීමේ විශේෂ වැඩසටහනක් තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (28) දින මොණරාගල ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී ආරම්භ කිරීමට නියමිතය.

    දේශිය මල් වගාකරුවන් දිරිමත් කිරීමේ අරමුණින් ගාමිණි ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයාගේ සහ සුමේධා ජී. ජයසේන නියෝජ්‍ය අමාත්‍යවරියගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව විසිනි.

    දේශිය මල්වගාකරුවන් දිරිමත් කිරීමේ මෙම වැඩසටහන ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව මගින් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

    දේශිය මල්වගා කිරීම තුළින් ආදායම් විශාල වශයෙන් ඉපයීමට හැකිවන අතර ඒ සඳහා අළුතින් මල්වගාකරුවන් සම්බන්ධ කරගැනීම, දැනට මල් වගාව සිදුකරන පිරිස්වලට ආධාර ලබාදීම, මෙම පිරිස්වලට ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේනතුව මඟින් ප්‍රායෝගික පුහුණුව ලබාදීම ඇතුළු වැඩසටහන් රැසක් ඇතුළත්වේ.

    මොණරාගල දිස්ත්‍රික්කයේ මල්වගාකරුවන්ට නියෝජ්‍ය අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් සෙවණදැල්, මල්පෝච්චි ලබාදීමට ද සිදු කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya