සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් 308 කට පත්වීම් ලිපි පිරිනැමේ

    පෙබරවාරි 28, 2017

    පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් 308 කට පත්වීම් ලිපි පිරිනැමීම කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (27) සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    උත්සව අවස්ථාවට සහභාගී වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසී ය.


    "සයිටම් ආයතනයේ ප්‍රමිතිය පිළිබද ප්‍රශ්නයට විසදුමක් සෙවිය යුතුයි. විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් සමඟ සාකච්ඡා කර විසදුම් ලබාදිය යුතුයි. ඉන් පසු සයිටම් ආයතනයේ දරුවන්ටත් වෛද්‍ය අධ්‍යාපනයේ නිදහස ලබාදිය යුතුයි. නමුත් වර්තමානයේ නිදහස් අධ්‍යාපනයේ පියාටත් වඩා නිදහස් අධ්‍යාපනයේ පියවරුන් බිහි වී සිටිනවා. වෛද්‍ය සභාව පෙන්වා දෙන දුර්වලතා විසදීම සදහා සයිටම් ආයතනය පියවර ගනියි කියා මා බලාපොරොත්තු වෙනවා.”


    සයිටම් ආයතනය රජයට පවරා ගැනීම පිළිබදව අදහස් පල කළ සෞඛ්‍ය අමාත්‍යවරයා ලංකාවේ හදන පෞද්ගලික ආයතන රජයට පවරා ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බව ද පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya