සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බම්බලපිටිය හින්දු විද්‍යාලයෙන් මත්ද්‍රව්‍ය සහ මද්‍යසාරවලින් තොර බිග් මැච් සංස්කෘතියක් අරඹයි

    පෙබරවාරි 27, 2017

    මත්ද්‍රව්‍ය සහ මද්‍යසාරවලින් තොර බිග් මැච් සංස්කෘතියක් වෙනුවෙන් සුවිශේෂී බිග්මැච් තරඟාවලියක් ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරී වැඩසටහනක් බම්බලපිටිය හින්දු විද්‍යාලය විසින් සිදු කිරීමට නියමිතය.

    විදුහල්පතිවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යසාධක බලකායේ සුවිශේෂී මඟපෙන්වීම මත බම්බලපිටිය හින්දු විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ ද අනුග්‍රහයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව  බම්බලපිටිය හින්දු විද්‍යාලයේ විදුහල්පති ටී.පී.පරමේෂ්වරම් මහතා පවසයි.

    මේ සඳහා යාපනය හින්දු විද්‍යාලයද සහභාගී වීමට නියමිත අතර කොළඹ  අවට පාසල් 35කට ආරාධනා කර තිබෙන බව ද විදුහල්පතිවරයා පැවසී ය.

    මාර්තු 2 සිට 4 වැනි දින දක්වා මෙම  වැඩසටහන ක්‍රියාත්මක වෙයි. දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදවාගැනීම මෙම වැඩපිළිවෙලේ ප්‍රමුඛ අරමුණ බව ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති වෛද්‍ය ප්‍රසන්න වරුන් මහතා පැවසී ය.

    පාසල් දූ දරුවන්ගේ සහභාගීත්වයෙන් ෆුට් බෝල් තරඟාවලියක්, ක්‍රිකට් තරඟවලියක් සහ '' මත්ද්‍රව්‍යවලින් තොර ක්‍රීඩාවක්'' තේමාව පෙරදැරිව පාගමනක් පැවැත්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya