සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියයට 80%කින් ශ්‍රී ලංකාව තුළ නීතිවිරෝධී මද්‍යසාර භාවිතය අඩු වි තිබෙනවා

    පෙබරවාරි 27, 2017

    සියයට 80%කින් ශ්‍රී ලංකාව තුළ නීතිවිරෝධී මද්‍යසර භාවිතය අඩු වි තිබෙන බවත් මද්‍යසාර නිෂ්පාදකයන්ගේ උපක්‍රම බිඳ හෙළීමට අවශ්‍ය බවත් පාසල් දරුවන් අතර මධ්‍යසාර සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කරගැනීම සඳහා ඇතැම් සමාගම් සහ පුද්ගලයින් උත්සහ කරන බව ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යසාධක බලකායේ ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (27) පැවැති මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් වෛද්‍ය සමන්තකිතලව ආරච්චි මහතා මෙසේ පැවසීය.

    ශ්‍රී ලංකාවේ සුරාබදු හිතවාදී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව ප්‍රචාරය වෙනවා. එය අසත්‍යක්. 2015 වසරේ සුරාබදු ආදයම බිලියන 105ක්. 2016 වසරේ සුරාබදු ආදායම බිලියන 120ක්. 2014 වසරේ බිලියන 62ක්. 2012 වසරේ දී බිලියන 58ක්. මතින් තොර නිදහස් රටක් බිහි කිරීමේ රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල නිසා සුරාබදු එකතු කිරීම  ක්‍රමවත් වී තිබෙනවා. එයයි මෙතැන තිබෙන වෙනස.මීට පෙර සුරබදු එකතු කිරීම නිසි ලෙස සිදුව තිබුණේ නෑ. දැන් එම බදු මුදල් නිසි ලෙස සිදු වෙනවා.

     

    2015 සහ 2016 වසරවල බදු නිවැරැදි ලෙස එකතු කිරීමට හැකි වුණා.එසේ නැතිව පරිභෝජනය ඉහළ ගිහින් නොවේ. විදෙස් මධ්‍යසාර ගෙන ඒමේ දී අඩු පාඩුකම් සිදු වී තිබුණා. දැන් ක්‍රමාණුකූල ආදායමක් පවත්වාගන්නට හැකි වී තිබෙනවා.මද්‍යසාර වැටලීම් 2016 වසරේ දී 32,783ක් සිදු කර තිබෙනවා. සියයට 80%කින් ශ්‍රී ලංකාව තුළ නීතිවිරෝධී මද්‍යසර භාවිතය අඩු වි  තිබෙනවා.මද්‍යසාර උත්තේජකයක් ලෙස ඇතැමෙක් ප්‍රකාශ කළත් නිෂ්පාදකයන්ගේ උපක්‍රම බිඳ හෙළීමට අවශ්‍යයි යැයි ද වෛද්‍ය සමන්ත කිතලව ආරච්චි මහතා සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya