සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරියානු දූත පිරිසක් ජනමාධ්‍ය ඇමැති හමුවෙති

    පෙබරවාරි 25, 2017

    කොරියානු රජයේ දූත පිරිසක් පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පසුගියදා අමාත්‍යාංශයේදී හමුවිය.

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව වෙත සිදු කිරීමට නියමිත ආධාර පිළිබඳ සොයා බැලීම සඳහා කොරියානු දූත පිරිස ශ්‍රී ලංකාවේ චාරිකාවක නිරතව සිටිති.

     

    නිල සංවර්ධන ආධාර යටතේ කොරියානු විද්‍යා, තොරතුරු තාක්ෂණ හා සැලසුම් අමාත්‍යාංශය සහ ගුවන්විදුලි ප‍්‍රවර්ධන සංගමය විසින් අදාළ පරිත්‍යාග සිදු කිරීමට නියමිතයි. එම ආයතන නියෝජනය කරමින් පාර්ක් ජොන්ග්සිල් සහ චෝ සුමි යන ව්‍යාපෘති කළමනාකාරවරියන් හා කොරියානු විකාශන සේවාවේ අධීක්ෂක කිම් චූන් ඩොන්ග් මහතා මේ හමුවට එක්වූහ.

     

    රූපවාහිනී විකාශ සඳහා අවශ්‍ය මාධ්‍ය වත්කම් කළමනාකරණ හා ඩිජිටල් සංරක්ෂණ පද්ධතියක් පිරිනැමීමට අපේක්ෂිතයි. වසර 35 ක රූපවාහිනී ඉතිහාසය තුළ ජාතික වශයෙන් වැදගත් සිදුවීම්වලට අදාළ සංරක්ෂිත වීඩියෝ දර්ශන රැසක් රූපවාහිනී සංස්ථාව සතුයි. නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, අමාත්‍යාංශ ලේකම් නීතීඥ නිමල් බෝපගේ යන මහත්වරුන් හා ආයතන කිහිපයක නිලධාරීන් පිරිසක් ද මේ අවස්ථාවට සහභාගී වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya