අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ව්‍යාජ රැකියා නියෝජිත ආයනයක් වටලයි

    පෙබරවාරි 24, 2017

    ගුවන් ටිකට්පත් නිකුත් කිරීමේ කාර්යාලයක් ලෙස පවත්තාගෙන ගිය ව්‍යාජ රැකියා නියෝජිත ආයතනයක් වැටලීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට හැකි වී තිබේ.

    රැකියාවක් සඳහා විදේශ ගත වීම සඳහා කටුණායක ගුවන් තොටුපලට පැමිණි කාන්තාවක් සතුව තිබූ ව්‍යාජ ගුවන් ගමන් බලපත‍්‍රයක් සහ ව්‍යාජ ලියකියවිලි හේතුවෙන් ගුවන්තොටුපල නිලධාරීන් විසින් ඇයව අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීම්වලදී මෙම ව්‍යාජ ගුවන් ටිකට්පත් නිකුත් කිරීමේ ආයතනය අනාවරණය කර ගැනීමට හැකි විය.


    එහිදී ව්‍යාජ ගුවන් ගමන් බලපත‍්‍ර 30 සහ ව්‍යාජ ලියකියවිලි රැසක් විමර්ශන අංශය භාරයට ගෙන තිබේ. මේ සම්බන්ධ විමර්ශන කටයුතු ඉදිරියට සිදු කෙරෙන අතර මාලිගාකන්ද අධිකරණයට  නඩු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කරන ලදි.

    මෙම වැටලීම කාර්යාංශයේ නීති අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී කීර්ති මුතුකුමාරණ මහතාගේ සහ විශේෂ විමර්ශන ඒකකයේ කළමනාකරු සහකාර පොලිස් අධිකාරී අර්ජුන මාහින්කන්ද මහතාගේ උපදෙස් පරිදි  ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සී. ජී වෙලගෙදර සහ උප පොලිස් පරීක්ෂක කුමාරසිංහ, උප පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක යන නිළතධාරීන් විසින් සිදු කරන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya