නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගැටලු විසඳීම නාගරික සංවර්ධන අධිකාරියේ විශේෂ සේවා මධ්‍යස්ථානයෙන්

    පෙබරවාරි 23, 2017

    ගොඩනැගිලි අනුකූලතා සහතික ලබාදීම, ගොඩනැගිලි බලපත‍්‍ර ලබාදීම, සංවර්ධන කටයුතු සඳහා මූලික නිර්ණායකයන් සිදු කිරීම ආදී නාගරික සංවර්ධන අධිකාරිය සතු ඇතැම් බලතල, පළාත් පාලන ආයතන වෙතින් නැවත අධිකාරිය වෙතම පවරා ගන්නා ලදි. එම විශේෂ සේවාවන් කඩිනමින් ඉටු කිරීම සඳහා බත්තරමුල්ල සෙත්සිරිපායේ, බිම් මහලේ විශේෂ සේවා කාර්යාලයක් ස්ථාපිත කර ඇත.


    මෙම විශේෂ කාර්යාලය මගින් ගොඩනැගිලි අයදුම්පත් නිකුත් කිරීම, බාරදීම, ජනතාවට ඇතිවන ගැටලු හා පැමිණිලි බාරගැනීම විමර්ශනය කිරීම හා තොරතුරු ලබාදීම ආදී සේවාවන් රැසක් මෙහිදී ලබාගත හැක.

     

    පසුගිය කාලය තුළ ගොඩනැගිලි හා සංවර්ධන කටයුතු ක්‍ෂෙත‍්‍රයේ, ප‍්‍රමාදවීම් හා වංචා දූෂණ සිදුවන බවට නාගරික සංවර්ධන අධිකාරියට ජනතාවගෙන් පැමිණිලි ලැබිණි. එම පැමිණිලි විමර්ෂණය කිරීම විශාල කාලයක් මුදලක් වැයවන හෙයින් මෙම කි‍්‍රයාමාර්ගය ගැනීමට නාගරික සංවර්ධන අධිකාරියට සිදුවිය.

     

    මෙම සේවාවන් සඳහා නාගරික සංවර්ධන අධිකාරිය අයකරන ගාස්තුව හැර වෙනත් කිසිම ගාස්තුවක්, කිසිදු පුද්ගලයෙකුට ඒ වෙනුවෙන් මුදල් ලබා නොදෙන ලෙස නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා දන්වා සිටියි. තවද කිසියම් පුද්ගලයෙක් මෙම සේවාවන් ඉටු කරදීම සඳහා අයථා ලෙස මුදල් ඉල්ලා සිටියහොත් නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා හෝ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා දැනුවත් කරන ලෙසත්, පහත දුරකතන අංකයට අමතා පැමිණිලි ලබාදෙන ලෙසත් සභාපතිවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියි.

     

    සති 04 ක් ඇතුළත ගොඩනැගිලි අනුකූලතා සහතික ලබාදීම, සති 03 ක් ඇතුළත අනුකූලතා සහතික නිකුත් කිරීම සිදු කරන අතර, නිවැරදි ලිපි ලේඛන ඉදිරිපත් කරන්නේ නම් ඉතා කඩිනමින් ඉටුකරදීමට හැකිවන අතර, එම ලිපි ලේඛන පිළිබඳ යම් ගැටලුවක් ඇත්නම් සති 02 ක් ඇතුළත ඉල්ලුම්කරුට දැනුම්දීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරයි.


    තවද නාගරික සංවර්ධන අධිකාරියේ වෙබ් අඩවිය මගින් මේ පිළිබඳව වැඩිදුර විස්තර ලබාගත හැක.


    දුරකතන            - 2875916-20, 2873651-2, 2873644, 2873649, 2875333, 2797200

    වෙබ්අඩවිය        - www.uda.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya