මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් පාදක ඇගයීම් ක්‍රමයෙහි වෙනසක්

    පෙබරවාරි 23, 2017

    ශිෂ්‍ය ප්‍රගතිය පරීක්ෂා කිරීම වෙනුවෙන් පාසල්වල ක්‍රියාත්මක වූ පාසල පදනම් කරගත් ඇගයීම් ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ දී කොළ පිරවීම ගුරුවරුන් පීඩාවට පත්කරන්නක් බවට දිගින් දිගට ම මතු වූ අදහස් සැලකිල්ලට ගෙන ඒ වෙනුවට වඩා විධිමත් සහ පහසු ක්‍රමවේදයක් පාසල් පද්ධතියට හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

    අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර මෙම ක්‍රමය ඉදිරියේ දී පාසල්වල ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව ද සඳහන් කළේය.

    පාසල් පාදක ඇගයීම් ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ දී ශිෂ්‍ය ප්‍රගතිය, ශිෂ්‍ය පැතිකඩ, තොරතුරු වාර්තා පොත, ඉගෙනුම් ඉගැන්වීම් ඇගයීම් සැලසුම් ගොනුව ආදී ලේඛන රැසක් සම්පූර්ණ කිරීමට ගුරුවරයාට සිදුවන බවත්, අලුතින් පද්ධතියට එක් කරගන්නා ගුරුවරුන්ට ඒ සම්බන්ධව විශේෂ පුහුණුවක් ලබා නොදීම හේතුවෙන් විවිධ දුෂ්කරතා මතුවන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ඒ මහතා ප්‍රකාශ කළේ මේ හේතුවෙන් ගුරුවරයාට ශිෂ්‍යයින් සමඟ සමීපව කටයුතු කිරීමේ අවස්ථාවන් ද මඟහැරී ඇති බවයි.

    මේ හේතුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ ද අදහස් හා නිර්දේශ පදනම් කරගනිමින් නව ක්‍රමවේදය පාසල් පද්ධතියට හඳුන්වාදීමට  පියවර ගෙන ඇති බව ද  අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya