අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය සහ ලෝක බෞද්ධ සමුළුව සම්බන්ධයෙන් රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය දැනුවත් කරයි

    පෙබරවාරි 21, 2017

    2017 එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය සහ ලෝක බෞද්ධ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම සම්බන්ධයෙන් රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් අද (21) පාර්ලිමේන්තු සංකීරණයේ දී පැවැත්විණි.

    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා, අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යකරු පරණවිතාන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්විණ.

     

    ලෝකයේ නිර්මල ථෙරවාදී බුදු දහම ක්‍රියාත්මක කරන රටවල් අතරින් ප්‍රමුඛස්ථානය හිමි වනුයේ ශ්‍රී ලංකාවටය.ඒ අනුව ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයක් පැවැත්වීමේ අරමුණ ඇතිව එක්සත් ජාතීන්ගේ සහබාගිත්වයෙන් පවත්වනු ලබන ජාත්‍යන්තර වෙසක් සැමරුම් උත්සවය සහ සමුළුව 2017 දී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කර ඇත.

     

    ඒ අනුව එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙල 2017 වර්ෂයේ මයි මස 12 හා 13 යන දෙදින  ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට සැළසුම් කර ඇති අතර මේ සඳහා රටවල් සියයකට අධික සංඛ්‍යාවක නියෝජිතයන් පැමිණීමට නියමිතය.

    මේ අවස්ථාවට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ නිමල් බෝපගේ මහතා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා සහ රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන ප්‍රධානීන් මෙන්ම නියෝජිතයන් එක්විය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya