අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැඩි මිළට සහල් විකුණූ ස්ථාන 52ක් ඊයේ හඳුනාගනී

    පෙබරවාරි 21, 2017

    වැඩි මිලට සහල් විකුණන ස්ථාන පරීක්ෂා කිරීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් ඊයේ (20) දින දිවයින පුරා වැටලීම් 137ක් සිදුකළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා කියා සිටියේ අහඹු ලෙස තෝරගාත් ස්ථානයන් හා සහල් වැඩිමිලට විකුණන බවට පාරිභෝගිකයන්ගෙන් ලැබෙන පැමිණිලි අනුව පාරිභෝගික අධිකාරිය වැටලීම් සිදුකරන බවයි.

     

    එලෙස කරන ලද වැටලීම් 137ක් අතරින් වැඩි මිලට සහල් විකුණූ ස්ථාන 52ක් හඳුනාගත් බවත් එම පුද්ගලයන්ට හා ව්‍යාපාරික ස්ථානවලට එරෙහිව කඩිනමින් නීතිමය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

     

    පෙරේදා (19) දිනය පුරා සහල් පිළිබඳව කරන ලද වැටලීම් අතිරින් වැඩිම වැටලීම් සංඛ්‍යාවක් සිදුකර ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ ය. එම සංඛ්‍යාව 13කි. මහනුවර දිස්ත්‍රික්කයේ වැටලීම් 12ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැටලීම් 10ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැටලීම් 08ක් හා වවුනියාව දිස්ත්‍රික්කයේ වැටලීම් 07ක් හා පොලොන්නරුව හා කෑගල්ල දිස්ත්‍රික්කයන් හි වැටලීම් 06ක් බැගින් සිදුකර ඇති බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya