මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර අධිකරණ සංකීර්ණයට මුල්ගල තැබීම 24 දා

    පෙබරවාරි 21, 2017

    රුපියල් මිලියන 370ක වියදමින් ඉදිකිරීමට අපේක්ෂිත අනුරාධපුර නව අධිකරණ සංකීර්ණය සඳහා මුල්ගල තැබීම අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 24 වන දින පෙ.ව.9.30ට සිදු කරන බව අධිකරණ අමාත්‍යංශය පවසයි.

    යුක්තිය පසඳලීමේ කාර්යය භාරය වඩාත් කාර්යක්ෂමව හා ඵලදායි ලෙස ජනතාවට ලබාදීමේ අරමුණින් දීර්ඝ කාලයක් මුළුල්ලේ අනුරාධපුර අධිකරණ කාර්යාලවල පැවති ඉඩකඩ ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමේ අරමුණින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි මෙම අධිකරණ සංකීරණය ඉදිකිරීම් ආරම්භ කෙරේ.

    දිවයිනේ අධිකරණ කාර්යාලවල දැනට පවතින ගොඩනැඟිලි පහසුකම් දියුණු කිරීම සඳහා යටිතල පහසුකම් දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර නව අධිකරණ සංකීර්ණය ඉදිකරනු ලබයි.

    මෙම සංකීර්ණයේ මහේස්ත්‍රාත් අධිකරණ, දිසා අධිකරණ, මහා අධිකරණ, විනිසුරු නිළ නිවාස, ලේඛණාගාර, කම්කරු විනිශ්චය සභා, නීතීඥවරුන්ගේ කාර්යාල වැනි නවීන පහසුකම් වලින් මෙම නව ගොඩනැඟිල්ල සමන්විත වන අතර මෙය ඉඳිකිරීමෙන් පසු අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවට ඵලදායි අධිකරණ සේවාවක් ලබා ගැනීමට ඉඩකඩ ලැබෙනු ඇතැයි අධිකරණ අමාත්‍යංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya