අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සහල් කිසිදු සීමාවකින් තොරව ලබාගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව උදාවී තිබෙනවා

    පෙබරවාරි 20, 2017

    ලංකා සතොස අලෙවිසැල්වල සහල් කිසිදු සීමාවකින් තොරව ලබාගැනීමට ද පාරිභෝගිකයන්ට අවස්ථාව උදාවී තිබෙන බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ  අධිකාරිය වැඩි මිලට සහල් විකුණන ස්ථාන වැටලීම් දැනටමත් ආරම්භ කර ඇති අතර සහල් සඟවාගෙන සිටින  ව්‍යාපාරිකයන් සහ ගබඩා සොයා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ද  කටයුතු කරමින් සිටින බව  කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් කරයි.

    නිකුත් කළ නිවේදනය මෙසේ ය...

    මාධ්‍ය නිවේදනයයි

    සහල් සඳහා කලින් නියම කරන ලද පාලන මිල පසුව  සංශෝධනය කරන ලදී. සහල් මෝල් හිමියන් සහ වී ගොවීන් සමඟ  සාකච්ඡා කිරීමෙන් පසු  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත  ජීවන වියදම් පිළිබඳ අනුකමිටුවේ තීරණයට අනුව  මෙලෙස පාලන මිල සංශෝධනය කිරීමේ ගැසට් පත්‍රය  පසුගිය 17 දා රාත්‍රී   නිකුත් කරන ලදී. ඒ අනුව  සහල් සඳහා පනවන ලද  නව උපරිම සිල්ලර මිල  පහත සඳහන්  පරිදි වෙයි.


    ආනයනික නාඩු සහල් කිලෝවක උඅපරිම සිල්ලර මිල රුපියල් 72.00

    දේශීය නාඩු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 80.00

    ආනයනික කකුළු සහල් කිලෝවක  උපරිම සිල්ලර මිල රුපියල් 70.00

    දේශීය කකුළු සහල් කිලෝවක උඅපරිම සිල්ලර මිල රුපියල් 78.00

    ආනයනික සම්බා කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 80.00

    දේශීය සම්බා කිලෝවක  උපරිම සිල්ලර මිල රුපියල් 90.00

     

    සහල් සඳහා පාලන මිලක් නියම කිරීමෙන්  පසු ලංකා සතොස අලෙවිසැල් සහ  වෙනත් සුපිරි වෙළඳ සැල් ඇතුළු වෙළඳ සැල්වල පාලන මිල යටතේ සහල් ලබාගැනීමට අවස්ථව ලැබී ඇති අතර  ලංකා සතොස අලෙවිසැල්වල සහල් කිසිදු සීමාවකින් තොරව  ලබාගැනීමට ද පාරිභෝගිකයන්ට අවස්ථාව උදාවී තිබේ. මෙරට මාසික සහල් පරිබෝජනය මෙක්ට්‍රික් ටොන් ලක්ෂ දෙකක් වන අතර දැනට මෙරට වෙළඳපොළේ සහල් මෙක්ට්‍රික් ටොන් ලක්ෂ හයකට ආසන්න තොගයක් සංසරණය වන බැවින් මාස තුනකට ප්‍රමාණවත් සහල් රට තුළ පවතින බවයි. ආනයනය කළ සහල් තොග  වෙළඳපොළේ අවශ්‍ය පමණ  තිබෙන අතර  ඉදිරි දින කීපයේ දී තවත් සහල් මෙක්ට්‍රික් ටොන් 190,000ක් මෙරටට ලැබීමට නියමිතය.

     

    මේ හේතුවෙන් සහල් හිඟයක් කිසිදු හේතුවකින්  ඇතිවීමට ඉඩක් නැත. ඇනවුම් කළ සහල් තොග  මෙරටට ලැබෙමින් පවතින බවත්  ඉදිරි දින කීපයේ දී  සතොස මඟින් ද සහල් ආනයනයට  කබිනට් අනුමතිය ලැබී ඇති බැවින් පාරිභෝගිකයන්ට අඩු මිලට  ගුණාත්මක සහල් ලබාදීමට  හැකියාව ඇති බවද  ලොකුහෙට්ටි මහතා කියා සිටියි.


    කොළඹ පිටකොටුවේ සහල් තොග වෙළෙන්දන්  නාඩු, සම්බා සහ කකුළු සහල් සාධාරණ මිලට  අලෙවි කරන බැවින්  සිල්ලර වෙළඳාමේ නිරත වෙළෙන්දන්ට උපරිම සිල්ලර මිලට  යටත්ව  සහල් විකිණීම ගැටළුවක් නොවන බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය  ආනයනකරුවන් සහ  වෙළෙන්දන්ගේ සංගමයේ සභපති  නිහල් සෙනෙවිරත්න මහතා පවසයි.ඒ මහතා පවසන්නේ, කිසිදු හිඟයකින් තොරව මෙරට වෙළඳපොළේ සහල් තොග අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩිපුර ඇති බවයි.

     

    මේ දිනවල වව්නියාව සහ අම්පාර වැනි ප්‍රදෙස්වල අස්වැන්න ලැබීමෙන් පවතින බැවින් දේශීය සහල් ද ඉක්මණින් වෙලඳපොළට එක්වීමට නියමිතය. වී අලෙවි මණ්ඩලය සතුව තිබූ  වී මෙක්ට්‍රික් ටොන් 50,000ක් රජයේ මෝල්වල කොටා සහල් මෙක්ට්‍රික් ටොන් 37,000ක් පමණ වෙළඳපොළට මේවනවිට නිකුත් කර තිබේ. 

     

    ලංකා සතොස මඟින්  පසුගිය සතියේ දී  සහල් මෙක්ට්‍රික් ටොන් 8000ක් බෙද හැර තිබුණි. එමෙන් ම තවත් සහල් මෙක්ට්‍රික් ටොන් 7000ක් බෙදා හැරීමට සූදානම් කර ඇති බැවින් ලංකා සතොස  අළෙවි සල්වල ද ප්‍රමාණවත් සහල් තොග තිබේ.

     

    පාරිභෝගික කටයුතු පිළිබඳ  අධිකාරිය වැඩි මිලට සහල් විකුණන ස්ථාන වැටලීම් දැනටමත් ආරම්භ කර ඇති අතර සහල් සඟවාගෙන සිටින  ව්‍යාපාරිකයන් සහ ගබඩා සොයා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ද කටයුතු කරමින් සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya