අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසි තත්ත්වයක්

    පෙබරවාරි 19, 2017

    වැසි තත්ත්වය වැඩිවීම අද (19) දිනයේත්, විශේෂයෙන් දිවයිනේ දකුණු අර්ධයේ බලාපොරොත්තු වන අතර හෙට දිනයේත් තවදුරටත් පවතියි යැයි අපේක්ෂා කෙරෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    දිවයිනේ නැ‍ගෙනහිර ,දකුණ,මධ්‍යමසහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ‍ වේ.

     

    දිවයිනේ සෙසු ප්‍රදේශ වල විශේෂයෙන් සවස 2.00 න්  පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරේ.

     

    සබරගමුව, දකුණ, ඌව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත්  අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල තරමක් තද වැසි (මි.මී 75-100පමණ) ඇති විය හැක.

     

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya