"අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් විසින් විෂන් 2020 වැඩසටහන ආරම්භ කර ඇති අතර, පසුව එම වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරාගෙන තිබෙන අතර මෙම වැඩසටහන යටතේ අක්ෂි ශල්‍යකර්ම ද සිදු කර ඇත්තේ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජිකයින් විසින් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
"ශල්‍යකර්ම සිදු කළේ විෂන් 2020 වැඩසටහනේ කාර්යාල නිලධාරීන් නොවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා උසස් තත්ත්වයෙන් අක්ෂි කාච එම වැඩසටහනෙන් ලබා දුන්නේ නැහැ. අඩු මිලට ඇති අක්ෂි කාච තමයි එම වැඩසටහනෙන් ලබා දී ඇත්තේ. විෂන් 2020 වැඩසටහනේ සම්බන්ධීකාරක වෛද්‍යවරයා අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙක් නොවෙයි. සාමාන්‍ය වෛද්‍යවරයෙක් පමණයි. නමුත් විෂන් 2020 වැඩසටහන අපි අහෝසි නොකර අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයට එම වැඩසටහන බාරදුන්නා. ඔවුන් සතුව අක්ෂි බැංකුවක් ද තිබෙනවා. දැනට විෂන් 2020 වැඩසටහන අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් සිදු කරනවා. ඇතැම් නිලධාරීන් සිටිනවා තමන්ට ලැබුනු තනතුරු බූදල් කියලා ඉවත් වී යන්න කැමැති නැහැ. විෂන් 2020 වැඩසටහනේ මෙතෙක් සිටි සම්බන්ධීකරණ නිලධාරියා මාධ්‍යට තොරතුරු ලබාදීම පිළිබඳ විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සෞඛ්‍ය ලේකම්වරයාට දැනුම් දුන්නා.” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පසුගියදා පැවැති විශේෂ මාධ්‍ය හමුවක දී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.