අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලොනන්නරුවට අධිකරණ සංකීරණයක්

    පෙබරවාරි 19, 2017

    රුපියල් මිලියන 382 වියදමින් නිම කිරීමට අපේක්ෂිත පොලොන්නරුව නව අධිකරණ සංකීර්ණයට මුල්ගල තැබීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍ර‍ධානත්වයෙන් ලබන 25 වැනි දා සිදු කිරීමට නියමිත බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.

    යුක්තිය පසඳලීමේ කාර්යය භාරය වඩාත් කාර්යක්ෂමව ඵලදායි ලෙස ජනතාවට ලබාදීමේ අරමුණින් දීර්ඝ කාලයක් මුළුල්ලේ පොලොන්නරුව අධිකරණ කාර්යාලවල පැවති ඉඩකඩ ප්‍රශ්නයට විසඳුමක් ලබා දීමේ අරමුණින් ජනාධිපති විශේෂ ඉල්ලීමක් මත මෙම අධිකරණ සංකීරණය ඉදිකිරීමට පියවර ගෙන තිබේ.

     
    දිවයිනේ අධිකරණ කාර්යාලවල දැනට පවතින ගොඩනැඟිලි පහසුකම් දියුණු කිරීම සඳහා යටිතල පහසුකම් දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ පොලොන්නරුව නව අධිකරණ සංකීර්ණය ඉදිකෙරෙන අතර මෙම සංකීර්ණයේ මහේස්ත්‍රාත් අධිකරණ, දිසා අධිකරණ, මහා අධිකරණ, විනිසුරු නිළ නිවාස, ලේඛණාගාර, කම්කරු විනිශ්චය සභා, නීතීඥවරුන්ගේ කාර්යාල වැනි නවීන පහසුකම්වලින් මෙම නව ගොඩනැඟිල්ල සමන්විතය.

    මෙය ඉඳිකිරීමෙන් පසු මෙම දිස්ත්‍රික්කයේ ජනතාවට ඵලදායි අධිකරණ සේවාවක් ලබා ගැනීමට ඉඩකඩ ලැබෙනු ඇතැයි අධිකරණ අමාත්‍යංශය විශ්වාසය පළ කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya