සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සහල් සඳහා වූ උපරිම සිල්ලර මිල සංශෝධනය කරයි

    පෙබරවාරි 18, 2017

    හාල් සඳහා නව උපරිම සිල්ලර මිලක් ප්‍රකාශ කිරීමේ ගැසට් පත්‍රය මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙත යැවූ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පවසයි.

    පසුගිය දා හාල් සඳහා උපරිම සිල්ලර මිලක් රජය විසින් නියම කිරීමෙන් පසු වී ගොවීන් හා සහල් ආනයන කරුවන් සමග පැවැත්වූ සාකච්ඡා අනුව ජනාධිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් පරිදි නව මිල නියම කරන බව ද අමාත්‍යවරයා පවසයි.

    ඒ අනුව ජීවන වියදම් පිළිබඳ අනු කමිටුවේ දී ගත් තීරණයන්ට අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම නව මිල පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කරයි. නව මිල ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙයි.

    2003 අංක 09 දරණ පාරිභෝගික අධිකාරී පනතේ 19 හා 20 වැනි වගන්තිය අනුව මේ මිල නියම කර ඇත. ඒ අනුව ආනයනික නාඩු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 72.00 කි.

    දේශීය නාඩු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල 80.00 කි. ආනයනික කැකුළු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 70.00ක් වන අතර දේශීය කැකුළු කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 78.00කි. ආනයනික සම්බා කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 80.00ක් වන අතර දේශීය සම්බා කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 90.00 කි. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය  රිෂාඩ් බද්යුදීන් මහතා උපරිම සහල් මිල නියම කිරීම සම්බන්ධයෙන් මෙසේ පවසයි.

    ‘‘ අපි පෙබරවාරි 08 දා සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමේ ගැසට් පත්‍රය
    නිකුත් කළා. ඉන් පසු දේශය වී වගාකරුවන්, මෝල් හිමියන් සහ ආනයන කරුවන් සමඟ ජනාධිපතිතුමා ඇතුළු රජය සාකච්ඡා කරලා මිල සංශෝධනයකට පියවර ගත්තා. මේ දිනවල වව්නියාව, මඩකලපුව, අම්පාර, දකුණේ ඇතැම් ප්‍රදේශවල ගොයම් කපනවා.

    පාලන මිල නිසා වී සඳහා හොඳ මිලක් දීමට නොලැබේවි යැයි ගොවීන්ට බියක් තිබුණා. අපි පාරිභෝගිකයා වගේ ම ගොවියා ගැනත් හිත්නන් ඕන. ඒ නිසා ජීවන වියදම් අනු කමිටුවෙන් තීරණය කළා නැවත මේ මිල සංශෝධනය කළොත් හොඳයි කියා. ඒ නිසා අපේ අමාත්‍යාංශයේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැවරී ඇති බලතල අනුව මෙලෙස නැවත උපරිම සිල්ලර මිලක් නියම කළා. “

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා කියා සිටියේ උපරිම සිල්ලර මිලට වඩා වැඩි මුදලකට හාල් විකිණීම සපුරා තහනම් බවයි. එබැවින්
    එලෙස වැඩි මිලට සහල් අළෙවි කරන ව්‍යාපාරික ස්ථාන පරීක්ෂා කිරීමට පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන් යොදවා ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
    දේශීය සහල් මෙන් ම ආනයනික සහල් ද වෙළෙඳ පොළේ අවශ්‍ය තරම් ඇති බවත් දැනට රටේ ඇති සහල් තොග මාස තුනක කාලයකට ප්‍රමාණවත් බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි. ඉදිරි දින කිහිපයේ දී සහල් මෙට්‍රික් ටොන් 190,000ක් විදෙස් රටවලින් ලැබීමට නියමිත අතර අස්වැන්න නෙලන බැවින් දේශීය සහල් ද වෙළෙඳ පොළට ලැබෙන බව ද අමාත්‍යාංශ නිලධාරියකු පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya