වැල්ලමන්කර ප්‍රදේශයේ හෙක්ටයාර 06ක භූමියක මෙම අංග සම්පූර්ණ ධීවර වරාය ඉදිකෙරෙන අතර, ඊට වැය කිරීමට යෝජිත මුදල රු. දශ ලක්ෂ 1000කි. බහු දින යාත්‍රා 500ක් සහ සාමාන්‍ය ධීවර යාත්‍රා 350ක් නවතා තැබීමේ පහසුකම් ඇති අතර, ධීවරයින්ට අවශ්‍ය ජලය, විදුලිය, ප්‍රජා ශාලාවක්, කාර්යාල පහසුකම්, ඉන්ධන ගබඩා පහසුකම් සහ මසුන් කල්තබා ගැනීම සඳහා අවශ්‍ය අයිස් ගබඩා පහසුකම් ද මෙහි ස්ථාපිත කෙරේ.
ධීවර ජනතාවගේ ප්‍රායෝගික දැනුම සහ ඔවුන්ගේ අදහස් හා යෝජනා ලබා ගෙන ඒ අනුව ශක්‍යතා වාර්තාව සකස් කර ලබන වසර මැද වන විට මෙම ව්‍යාපෘතියේ වැඩ අවසන් කිරීමට සැලසුම් කර ඇත